ප්‍රාණ නිෂාමය

654 103 25
                                    

((ඊයේ කතාව බාගෙට දාලා තියෙන්නේ.. ඒ නිසා ආයේ ඒ ටික කියවන්න 🙈🙉🙊))

රාත්‍රිය කියන්නේ අදුර වෙද්දී ඒ අදුරටත් පෙම් කල මිනිසුන්ට රාත්‍රිය කියන්නේ සුන්දරත්වය වුණා.. කලුත් සුදුත් එකතුවෙලා අළු හැදෙන්න වගේ නෙෂාම්නුත් නිෂූත් එකතු වෙලා හැදුන නෙෂාම්ගේ නව ප්‍රාණය කලින් ඉදපු අහිංසක සුන්දර නෙෂාම්ව යටපත් කරගෙන හිතුවක්කාර දඩබ්බර නෙෂාම් කෙනෙක් උපද්දවද්දී ඉවසීම දරුගැනීම මනාවට ප්‍රගුණ කල අයාන්ට, නෙෂාම්ට ආදරය කරන එක අපහාසු වුනේ නෑ.. වෙනදට වඩා සැර වැඩි වෙද්දී වෙනදට වඩා ආදරෙත් වැඩි වුනේ ඒ නපුරු දඩබ්බරකාරයා අයාන් ගේ ආදරේ ඉදිරියේ පූස් පැටියෙක් වගේ වෙන බව අයාන් දන්න නිසයි..

නෙෂාම්ගේ මතක ආයේ එද්දී අලුත් ප්‍රශ්නයකුත් ඒ පස්සෙන්ම එද්දී එදා නෙෂාම් කිව්ව ඌ කවුද කියන එක අයාන් හොයන්න පටන්ගත්තේ නෙෂාම් කියපු මුදලාලිගේ පුතාගේ නම යුගාන් අබේවික්‍රම වුණ නිසාත් මීට කාලෙකට කලින් අයාන් දන්න කියන යුගාන් අබේවික්‍රම කෙනෙක් එයාගේ ජීවතේම වෙනස් කල නිසාත් වුණා. අයාන් දන්න යුගාන් තමන්ට ඕන දේ අනිවාර්යයෙන්ම කරන ඕන දේ අනිවාර්යයෙන්ම ලබාගන්න කෙනෙක් වෙද්දී අයාන් දැනන් හිටියා මේ යුගානුත් ඒ යුගානුත් එක්කෙනෙක් නම් අයාන් ඒ කෙනාව හොයාගන්න කලින් ඒ කෙනා නෙෂාම්ව හොයාගෙන එනවා කියලා..

නෙෂාම්ගේ ප්‍රාණ පූර්ණයෙන් සතියකට විතර පස්සේ සයෝනුත් තමන්ගේ නූපන් දරුවෝ වෙනුවෙන් චිකාගෝ යද්දී දුකට සැපට අයාන්ට ලංකාවේ ඉතුරු වුණ එකම විශ්වාසවන්ත හිතමිතුරා වුනේ භාතිය විතරයි.. ජීවිතේ උගත් පාඩම් නිසාම යාලු මිත්‍රයෝ ඕනේ නෑ කියලා අයාන් ඉදපු කාලයක කලණ මිතුදම ජීවිතයේ ලැබෙන වටිනාම සම්පතක් කියලා ඔප්පුකරමින් අයාන්ගේ ජීවිතය ආව භාතියගේ මිත්‍රත්වය මේ වෙනකම් නොනැසී පැවතුනා.. තමන්ගේ ආදරය ඉදිරියේ කියන්න බැරි ඇතැම් දේ මිතුරන් ඉදිරියේ නිරායාසයෙන්ම කියවද්දී අයාන්ගේ හිතේ තියන බර බෙදාගන්න භාතිය කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.. ඔය කියන යුගාන් අබේවික්‍රම ගැන අයාන් තරමටම භාතියත් දැනන් ඉද්දී ඒ සැකය ඔප්පු වෙනතුරු ඉවසීමෙන් බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් එයාලට තිබුනේ නෑ.. හිතේ තියන සැකයන් එකින් එක ඇත්ත කරමින් අයාන්ගේ රාජකාරී දුරකථනයට ආව ඇමතුම කාලයක් ගියත් කටහඩින් පවා අදුනගන්න පුලුවන් කෙනෙක්ගේ වෙද්දී ඒ කතා කල හේතුව කියන්නත් කලින් අයාන් දැනගෙන හිටියා...

ප්‍රාණ Donde viven las historias. Descúbrelo ahora