ආයන්ත බද්ධ ප්‍රාණය 3

755 133 49
                                    


එය තත්පරයෙන් තත්පරය ගෙවී යන ජීවිතයේ ඉතා කෙටි කාලසීමාවක් විය හැකිමුත් ඒ කෙටි කාලය ඇතැමෙකුගේ ජීවිතයේ දිගම කතාවද විය හැක.. අයාන්ගේ ජීවිතයේ කවුරුත් නොදන්න ඒ කෙටි කාලය තුල ඇති වුණ දිග කතාවේ එකම සාක්ෂිකරු භාතිය විතරක් වෙද්දී ආයේ ගොඩ නොගන්නම අයාන් මතක එක්කම ඒ හැගීම් වලදාන්න හිතත්දී දෛවය හැමදාමත් වගේ දෛවයට ඕන දේ කලේ ජීවිතයේ හැමදේම තීරණය වෙන්නේ දෛවයේ කැමැත්ත මතයි කියන එක මතක් කරවමින් වෙද්දි ඒ දුකින් කෙලවර වුන ඒත් සතුට පිරුණ දිග කතාව අයාන්ට ආයේ මතක් වෙන්න පටන් ගත්තා..

කලින් දවසේ රෑ මහ යුද්ධයක් කරපු නෙෂාම් අලුත් දවසක් පටන්ගෙන තිබුනේ අලුත්ම කෙනෙක් විදිහට වෙද්දී හැමෝම දැනන් ඉදපු ඒ හරිම අහිංසක නෙෂාම් වෙනුවට හිටියේ පිරිරෙන්න ඔන්න මෙන්න ඉන්න පරමාණු බෝම්බයක් වගේ නෙෂාම් කෙනෙක් වෙද්දි ඒ වෙනස එක්ක නෙෂාම්ගේ තිබුණ හුරතල්ගතියත් වැඩි වෙද්දී අයාන්ගේ හිත ආයේ ආයේ අයාලේ යන්න පටන් අරන් තිබුණේ අයාන්ටත් හොරෙන්මයි.  අතීතය නොදන්න සයෝන් පුදුමවෙලා බලන් ඉන්න අතර හැමදේම දන්න භාතියට මේ වෙන දේවල් විනෝදයක් වුණා. 

ඔය අතර පුරුදු විදිහට උදේම ලතා අම්මා හැමෝටම තේ හදාගෙන ඇවිත් තියෙද්දී සයෝනුයි භාතියයි පුරුදු කිරි කෝපි එකම රසවින්දත් අයාන් තමන්ගේ සුදු කිරි එකත් අතට අරං බලන් හිටියේ නෙෂාම්ගේ රතු තේ කොප්පේ දිහායි.. ලතා අම්මා ආයේ හැරිලා යන්න හද්දී අයාන් කතා කරලා නතර කරගත්තේ එයාගේ හිතට එකපාරට ආව හැගීම නිසයි..

"ලතා අම්මේ මොකද මේ රතු තේ"

"චූටී මහත්තයා හැමදාම බොන්නේ මේවා තමයි ලොකු බේබී.."

"ඒකත් එහෙමද.  කෝ ඕක මට දීලා ලතා අම්මා ගිහින් තියන වැඩක් කරන්න.. මම මේ තේ එක ඔයාගේ චූටී මහත්තයට දෙන්නම්.."

වාඩිවෙලා ඉදපු තැනින් නැගිටලා ගිහින් ලතා අම්මා අතේ තිබුන තේ එකත් අරන් අයාන් ගියේ නෙෂාම්ගේ කාමරේ පැත්තට.. ඒ යද්දී එයා දැක්කේ උදේම නැගිටලා යුද්ධේ පටන් අරන් තිබුන බබාව ආයේ නිදිකරවලා ඒ ලගම ඇදේ හාන්සි වෙලා ඉන්න නෙෂාම්ව..

ප්‍රාණ Tempat cerita menjadi hidup. Temukan sekarang