ආයන්ත බද්ධ ප්‍රාණය...

713 134 32
                                    




ආයේ ගොඩගන්නේ නෑ කියලා හිතලා වලදාපු හැගීම් වතුර යට ඔබපු රබර් බෝලයක් වගේ අතෑරිය ගමන් උඩ එද්දී ඒ හැගීම් වලින් පැනලා යන එක හරි අමාරුයි.. නෙෂාම්ව දරුවා එක්ක ගෙදර දාලා කාර්යාලයට එද්දී ලතා අම්මට බලාගන්න කියලා ආවත් හිත එකතැන්කරන් සාකච්ඡා මේසෙට වාඩිවෙලා ඉන්න බැරි වෙද්දී දෙනියායේ කාර්යාලයට ගිහින් වැඩි වේලාවක් නොයින්ද අයාන් ගෙදර එන්න පිටත් වුනා.. එන අතර මඟ හිත අතීතයට ඇදිලා යද්දී අයාන් ඵලක් නොවෙන උත්සාහයක යෙදුනේ අවනත නැති හිත ආයේ හීලෑ කරන්නයි.. දහසක් සිතුවිලී හිතේ නලියද්දී වෙනදටත් වඩා කලින් අයාන් ගෙදරට ඇවිත් තිබුනා...

උදේම චන්ඩි කොල්ලා පටන්ගත්ත යුද්ධය අමාරුවෙන් ඉවර කරලා ලතා අම්මා දරුවා නාවල දෙනකම් නෙෂාම් බලන් හිටියේ තාමත් ඒ චූටී අත පය එහෙමෙහේ කර කර හෝදන්න හිතට බය නිසයි.. ඇහැ තියන පොල් කටුවක එක ඇහැක් සිදුරු කරලා ඔලුවේ බර යන්න කියලා හරි පරිස්සමට මුලින්ම ඔලුව සෝදවලා පස්සේ තව බේසමක් අරන් දරුවා ඒකෙන් තියලා සීරුවට දරුවව නාවපු ලතා අම්මා පැනල් කෑල්ලත් අතේ තියාගෙන දරුවා වඩාගන්න බලන් ඉන්න නෙෂාම් අතට දරුවා දුන්නේ ඉක්මනින් පිහදාලා අඩන්න කලින් කිරි එක පොවන්න ඕන නිසයි.. ඒ විදිහට නාවලා කිරි පොවලා නිදි කලාම පැය දෙකක් තුනක් හරි සනීපෙට චූටී පැටියා නිදාගනිද්දී නෙෂාම්ට විවේකයක් ලැබුනත් එයා කරන්න දරුවා ලගටම වෙලා ඉන්න එක. නෙෂාම් දරුවව පිහිදාන අතරම චූටී පැටියා ගේ දෙක වෙන්න අඩන්න ගද්දී කිරි බෝතලේ කටට දුන්නත් එයා නෙමි ඒක කට ලගටවත් ගත්තේ.. ඉතින් අන්තිමට නෙෂාම් පැරදිලා ඒ චන්ඩි පැටියා දිනද්දී උරන් තරම් කිරක් නැති ඒ පපුවේ චුටී මැණික එල්ලීලා හිටියා..

"අනේ ඇත්තමයි මේ කපටි කොල්ලා දැන් මේක නැතුව බෑ නේද.. ඇති දෙයකුත් නෑ නිකන් බඩේ හුලන් පිරෙනවා විතරයි.. මයේ මැණික ආසයිද අම්මා කුක්කු සුවදට.. ආ දෙයියෝ.. අම්මා කුක්කු මදිනේ මගේ පුතාට ඒ නිසා අපි බොතල් කුක්කු එකත් බීලා දොයියමු පැටියෝ.... "

දරුවා එක්ක කරන කෝලම් සද්ද නැතුවම බලන් ඉන්න අයාන්ව තවමත් නෙෂාම් නොදැක්කා වෙද්දී අයාන් හෙමින් කුස්සයට ගියේ ලතා අම්මා මුණගැහෙන්න..

ප්‍රාණ Donde viven las historias. Descúbrelo ahora