ප්‍රාණ ආයන්තයා කරා...

811 141 44
                                    

මිනිසුන්ට උගුරට හොරා බෙහෙත් බොන්න පුලුවන් වුනත් තමන්ගේ හෘද සාක්ෂියෙන් වසන් වෙන්න නම් බෑ කවදාවත්. සයෝනුත් දියතත් එකතුවෙලා දුර දිග නොසිතා කලදේ ප්‍රතිඵලයක් විදිහට අද ඔවුන්ගේ හොදම යහලුවා ජීවිතෙන් සමුඅරන් ඉද්දී, සයෝන්ගේ එකම සොහෝදරයා  කිරි කැටියක් එක්ක මේ ලොකේ තනිවෙද්දී ඔවුන්ට තිබූ එකම බලාපොරොත්තුව වුනේ නෙෂාම් විතරක් වුණා. සිද්දවෙන හැමදේම වෙන්නේ හොදටයි කියලා හිතලා  දැන් වැල යන අතට මැස්ස ගහන්න වෙද්දී මෙච්චරකල් සාමකාමීව තිබූ අයාන්ගේ ගෙදර ගාසා තීරය වගේ යුද පිටියක් බවට පත්වුණේ අයාන්ගේ දැඩි නොකැමැත්ත මතම දියත එහේ නතර වුණ නිසයි..

නෙෂාම්ගේත් නිෂූගේත් ආත්ම එකතුවෙලා බිහිවුණ අලුත් ආත්මය එක්ක යලිත් ජීවිතේ ලබපු නෙෂාම් ලග නිෂුගේ අදුරු පැතිකඩින් අඩකුත් නෙෂාම්ගේ ආලෝකයේ පැතිකඩින් අඩකුත් පිහිටද්දී, නෙෂාම්ගේ මතකයෙන් එයාගේ පෙර මතක අමතකවෙලා නිෂුගේ මතකන්ගෙන් කොටසක් හීනයක් වගේ මතකයේ ඉතිරි වෙලා තිබුණා.. ඉතින් ඒ නිසාම අහේතුකවම නෙෂාම්ට අයාන්ගේ නිවසේ  පරිසරයත් එහි නිවැසියනුත් ආගන්තුක නොවෙද්දී  මේ තාක් සිද්ධවුණ  හැමදේම දැනගැනීමේ අයිතිය නෙෂාම් සතු නිසා නිෂූගේ ආත්මය නෙෂාම්ගේ ශරීරයේ තිබුන දින කීපයේ  ලබාගත් සියලු ජායාරූප සහ විඩියෝ දර්ශන පෙන්වලා පැහැදිලි කරලා දෙන්න වගකීම පැවරුනේ සයෝන්ට .. ඕනම දෙයක් හොදින් තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් තිබුන නෙෂාම්නුත් හැමදේම තේරුම් ගත්තත් එයාට ඕන වුනේ නෑ තවමත් හරි හැටි නොදැක්ක නොදන්න මනුස්සයෙක් වුණ අයාන්ගේ ආදරේ බලෙන් ලබාගන්න.. නෙෂාම්මට ඕන වුනේ හැමදේම කාලයාට බාරදිලා දෛවයට මුණදෙන්නයි..

අයාන්ගේ ගෙදරට නෙෂාම් ආවට පස්සේ දවසේ ඉදන්ම උදේම ගෙදරින් පිටත් වෙලායන අයාන් කුස නොදැරුවත් ලය දරාගත් බර වැඩි නිසාම තමන්ගේ ලෙයින් උපන් කිරි කැටියාගේ මුණුන බලලා දවස පටන් ගන්න මේ වෙද්දිත් පුරුදු වෙලා තිබුනා... නිෂූ මියගිහින් ගතවන පස්වන දවස  වනවිටත් ඒ කිරි කැටියා හිටියේ වීදුරු පෙට්ටයක තනිවෙලා.. තමන්ගේ කුසින් නොවැදු දරුවෙක්ට වුනත් එරෙන කිරි ටික දෙන්න ලෝබ නොවන අම්මා ඉන්න නිසාත් රෝහල් හෙදියන්ගේ ආදරය කරුණාව නිසාත් මදි නොකියන්න කිරෙන් කුස පිරෙන දරුපැටියා දිනෙන් දින නිරෝගීවෙනවා දකින එක අයාන්ට සතුටක් වුණා.

ප්‍රාණ Donde viven las historias. Descúbrelo ahora