Chapter 4

332 65 74
                                    


"මොන විකාරයක්ද මේක?"

"මොකක්ද අවුල යූජින්?"

"මේ බලන්න ටේ ඔප්පා. මේ ලෙටර් එක හවස මට කෙනෙක් ගෙනත් දුන්නා. මහ විකාරයක්."

යූජින් තමන්ගෙ අතේ තිබුණ ලියුම ටේහ්යොන්ග්ට පෙන්නුවා. තමන් ඉඳගෙන හිටපු තැනින් නැගිටපු කොල්ලා බැල්කනි එක ලඟට ඇවිත් ඉස්සරහින් පේන එපාට්මන්ට් එක දිහා බලාගෙන හිටියෙ මේකත් යුංගිගෙ වැඩක්ද කියල ඇති වුන සැකය නිසා. ඒත් ඒක එහෙමයි කියන්න වැඩි සාක්ෂියක් නැහැ.

"ඔයා ගණන් ගන්න එපා යූජින්. ඕක කාගෙ හරි විහිළුවක් වෙන්න ඇති. මම කාමරේට යනවා. ඔයත් කෑම කාලා නිදාගන්න යන්න."

"හ්ම්..... හරි....."

කිචන් කවුන්ටර් එක උඩ තිබුණු වතුර එකත් බීලා දාපු ටේහ්යොන්ග් කාමරේට යද්දි යූජිනුත් ඇතුලට ගියේ ලියුම ගැන ඒතරම් හිතන්නෙ නැතුව ඉන්න හිතාගෙන. ඒත් ලියුමෙ තිබුණ දේවල් එක්ක එහෙම නොකරත් බෑ.

ලෙයා හිටියෙ ගෙදර එන ගමන්. රෑ හතට විතර එලියට ගිහින් යුනිවර්සිටි ලයිබ්‍රි එකෙන් අවශ්‍ය කරන නෝට්ස් වගයක් අරගෙන ආපු කෙල්ල ගෙදර එනකොට වෙලාව දහයට විතර ඇති. කෙල්ල යනකොටත් ජංගුක් ගෙදර හිටපු නිසා කෙල්ල සද්දයක් නොකරම ඇතුලට ගියේ කොල්ලා දැනටමත් නිදි කියලා හිතලයි. 

කෝකටත් කියලා ජංගුක්ගෙ දොර ලඟට ගිය ලෙයා බාගෙට ඇරලා තිබුණ දොරෙන් ඔලුව දාලා බලන්න තීරණය කලා. මීට කලින් කිසිම දවසක කොල්ලා දොර වහන්නෙ නැතුව නම් නිදාගෙන නැහැ. කාමරේ ඇතුල බලපු ලෙයාට ජංගුක්ව නම් දකින්න ලැබුණෙ නැහැ. කොල්ලාගෙ ඇඳත් ටිකක් අවුල් වෙලා තිබුණත් ජංගුක් නැති එක කෙල්ලට පොඩි කුතුහලයක් ඇති කලා.

"කුක්......?"

එකපාරටම කොල්ලෙක්ගෙ කාමරේකට යන එක හොඳ නැති වුනත් ජංගුක්ගෙ සද්දයක් නැති තැන කෙල්ල කාමරේ ඇතුලට ගියේ වෙන කරන්න දෙයක් නැති නිසා. වොෂ් රූම් එකේ දොරටත් තට්ටු කරපු කෙල්ල දොර කරකවලා බලද්දි දැක්කෙ ජංගුක් එතනත් නැහැ කියලා.

"කුකී........ ඔයා කොහෙද?"

කාමරේ තිබුණ පුංචි ජනේලෙ ගාවට ගිය කෙල්ල වහලා තිබුණු ජනේලෙ ඇරලා එලිය බැලුවා. එලියත් කලින් වගේම සාමකාමීව තියෙනවා. ජනේලෙන් ඈත් වුන ලෙයා ආපහු එලියට යන්න හිතා ගත්තත් ඇඳ ලඟ බිම තිබුණ දේ දකිද්දි කෙල්ලට ඉබේටම කෑගැස්සුනා.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now