Chapter 10

257 56 101
                                    


"මේක ගන්න.........."

"තෑන්ක්ස්........."

ටේහ්යොන්ග් ගෙනත් දුන්න කොෆී එක අතට ගත්ත ලෙයා ඉස්සරහා බලාගත්තා. දෙන්නම මේ වෙලාවෙ හිටියෙ එපාට්මන්ට් එක පිටිපස්සෙන් හදලා තිබුණ පාර්ක් එකට වෙලා. සීතල නිසාම ටේහ්යොන්ග්ගෙ කෝට් එක තවත් ටිකක් තමන්ගෙ ඇඟට තද කරගත්ත ලෙයා ඔහේ බලාගෙන හිටියෙ ඉස්සරහා ගැන බයක් විතරක් ඉතුරු වෙලා තියෙද්දි.

එපාට්මන්ට් එකේ ජනේලෙන් එලියට පැනලා අහුනොවී මෙතනට එන්න පුළුවන් වුනත් මෙතනින් එහාට මොකක්ද කරන්නෙ? ඒක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. පාර්ක් එක ගාවම තිබුණු ෂොප් එකකින් කොෆී අරගෙන ආවත් ටේහ්යොන්ග් ඒවට ඒතරම් කැමති වුණේ නැහැ. ඒ නිසාම කොෆී බිව්වෙ ලෙයා විතරයි.

"ලෙයා...... කවුද ඒ මිනිස්සු? අපි පොලිසියට කියමු මේ ගැන."

"නෑ ටේහ්යොන්ග්...... ප්ලීස් ඔයා මේකට මැදිහත් වෙන්න එපා. මම ජංගුක් එක්ක කතා කරලා මොකක් හරි කරන්නම්. ගොඩක් ස්තූතියි මට උදව් කලාට."

"හහ්...... මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඒ මහ ලොකු කුකා කොහෙද ගිහින් තියෙන්නෙ? මං දන්නෑ ඔයාලා මොනවා කරන්න යනවද කියලා."

ටේහ්යොන්ග් තරහින් අහක බලාගත්තෙ ඇත්තටම රෑ දොළහ පහුවෙලා තිබුණත් ජංගුක් තාමත් මෙතනට ආපු නැති එක ගැන. රාත්‍රී දහයෙ ඉඳන්ම ලෙයා එක්ක මෙතන ඉන්න ටේහ්යොන්ග් කොහොම හරි ජංගුක්ට මේ විස්තරේ කෝල් එකකින් කිව්වෙ ලෙයා පොලිසියට කියන එකටවත් ටේහ්යොන්ග් එක්ක එයාගෙ ගෙදර යන අදහසට වත් කැමති වුණේ නැති නිසා.

කොහොමින් කොහොම හරි ඒ වෙලාවෙ තමයි ජංගුක් මෙතනට දුවගෙන එන විදිහ ටේහ්යොන්ග් දැක්කෙ. කොල්ලා හොඳටම බය වෙලා ඉන්නවා කියලා නම් මූණ බලපු ගමන්ම කියන්න පුළුවන් වුණා.

"ලෙයා....... ලෙයා මොකක්ද වුනේ? ඔයාට ප්‍රශ්නයක් නෑ නේද?"

"මම හොඳින් ඉන්නවා කුකී........"

ජංගුක් එනවා දැකලා ඉඳගෙන හිටපු තැනින් නැගිටපු ලෙයාව හග් කරපු ජංගුක් ලොකු හුස්මක් පහලට දැම්මා. ජංගුක්ට තමන් ගැනම පුංචි පසුතැවීමක් දැණුනෙ ජියා නිසා ලෙයාගෙ ආරක්ෂාව ගැන බලන්න තමන්ට බැරි වුන නිසා. ජංගුක් ඇත්තටම ඒ ගැන දුක් වෙනවා. 

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now