Chapter 6

302 62 106
                                    


වෙලාව රාත්‍රී හතයි. කිචන් එකට වෙලා රයිස් එකට ඕන කරන දේවල් කපන ගමන් හිටියත් ලෙයා හිටියෙ හොඳ සිහියෙන් නෙවෙයි. කලින් දවස් වල වුන දේවල් නිසා කෙල්ලගෙ හිත කලබලයි. ඒත් එලියට යන හැම වෙලාවකම කිසිම දෙයක් නොවුන ගානට ඉන්න වෙනවා කියලා ලෙයා හොඳටම දන්නවා. එහෙම නොවුණොත් අහක යන කරදර වලට පැටලෙන්න සිද්ධ වේවි.

කාමරේ ඉඳලා එලියට ආපු ජංගුක් ෆ්‍රිජ් එක ලඟට ගියේ ලෙයා දිහාත් බලන ගමන්මයි. කෙල්ලගෙ හිත වගේම දැන් ටික ටික ජංගුක්ගෙ හිතත් තිබුණෙ ප්‍රශ්න ගොඩක. 

"ලෙයා........ අපි කඩෙන් මොනාහරි ඕඩර් කරගමුද?"

"ලෙයා......? ලෙයා......"

"ආහ්........."

ජංගුක් දෙතුන් පාරක්ම කතා කලත් ලෙයා ගෙන් ප්‍රතිචාරයක් තිබුණෙ නැහැ. අන්තිමට වුණේ කප කප හිටපු එළවලු වෙනුවට කෙල්ලගෙ අත කැපුණු එක. ටිකක් හයියෙන් කෙදිරියක් පිටවෙද්දි තමන්ගෙ අතේ තිබුණ වතුර බෝතලෙත් පැත්තකින් තියපු ජංගුක් කෙල්ලගෙ අත වතුරට ඇල්ලුවෙ ලෙයාට ඒ ගැනවත් සිහියක් නොතිබුණ නිසා.

"ඔයා මොන සිහියෙන් ද ඉන්නෙ ලෙයා? බලන්න හොඳටම කැපිලානෙ."

ජංගුක් කිව්වෙ කබඩ් එක ඇරලා ෆස්ට් ඒඩ් බොක්ස් එකත් අරගෙන කෙල්ල ගාවට එන ගමන්. ඒත් ලෙයාගෙ වෙනසකට කියලා තිබුණෙ කෙල්ලගෙ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්ත එක විතරයි. ලෙයාගෙ මැලවුණු මූන දිහා බලාගෙන හිටපු ජංගුක් කෙල්ලව හග් කලේ කෙල්ල මේ වෙලාවෙ අඬන්නෙ තුවාල වුන එක ගැන හිතලා නෙවෙයි කියලා හොඳටම තේරුණ නිසා. ඒ තරම්ම ජංගුක්ට තමන්ගෙ යාලුවව තේරෙනවා.

"ඔයා ගෙදර යන්න ලෙයා......"

"නෝ ජංගුක්.... මට ඔයාව දාලා යන්න බෑ. වෙන ඕන දේකට අපි එකට මූණ දෙමු."

"මට තේරුම් ගන්න බෑ මොකක් කරන්නද කියලා. තර්ටි සික්ස් කරන මේ දේවල් අපේ ඔලුවට වැටුනෙ කොහොමද?"

ජංගුක් කිව්වෙ සෝෆා එකෙන් ඉඳගෙන නලලත් ඇඟිලි වලින් පිරිමදින ගමන්. මීට ටික දවසකට කලින් හරිම විනෝදෙන් කාලය ගත කරපු ජංගුක්ට වගේම ලෙයාටත් එකපාරටම වුන දේ ලොකු මානසික බලපෑමක් ඇති කලා. ඒ නිසා දෙන්නම හිටියෙ සාමාන්‍ය ජීවන රටාවෙන් ගොඩක් වෙනස් තැනක.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now