Chapter 8

263 57 77
                                    


මිනීමැරුම ගැන හොයාගෙන සතියක් ගත වුණා. තාමත් තර්ටි සික්ස් ගැන කිසිම තොරතුරක් නැති නිසා යුනිවර්සිටි එකත් අනිත් තැන් වගේම කලබල වෙලයි හිටියෙ. මුලින්ම මේ වගේ මිනීමැරුම් දිගින් දිගටම වෙලා තිබුණ නිසා දැන් දැන් මිනිස්සු ජීවත් වුනෙත් හරි බයෙන්. කවුරුත් අඩුම තරමින් මේ අය මැරෙන්න හේතුවවත් දැනගෙන හිටියෙ නැහැ.

ජංගුක් හිටියෙ තමන්ගෙ ක්ලාස් එකට වෙලා කතා කරන ගමන්. වෙන කාත් එක්කවත් නෙවෙයි ඉස්සර ජංගුක් ගැන නිතරම විස්තර අහපු කොල්ලා ගැන කැමැත්තෙන් හිටිය ජියා එක්ක. ජියා ටිකෙන් ටික ලෙයාට ලංවෙලා ජංගුක් එක්ක එකතු වුනත් ජංගුක් ජියා එක්ක එෆෙයා එකක් පටන් ගත්තට පස්සෙ ජියා ලෙයා එක්ක ඉන්න එක කලින්ට වඩා අඩු වුණා. ජියා එක්කම ඉන්න පුරුදු වුන ජංගුක්ගෙ අතින් ටිකෙන් ටික ලෙයාව මඟෑරුන එකයි එතනින් වුනේ.

"කුකී ඔප්පා....... ඔයාට ලෙයාව හම්බුනේ කොහොමද?"

"හ්ම්..... එයාව මට හම්බුනේ යුනි එකට ආපු පලවෙනි දවසෙමයි. අපි එක එපාට්මන්ට් එකක ඉන්න නිසා ඉතින් අපි හොඳ යාලුවො වුණා."

"එයා හරි හොඳයි...... ඒත්......."

"ඇයි ඒත් කියන්නෙ?"

"ඔයා එයත් එක්ක ඉන්නකොට මට ඊරිසියයි වගේ."

ජියා මූනත් අවුල් කරගෙන කියද්දි ජංගුක් හිනාවෙලා කෙල්ලගෙ කොන්ඩෙ අවුල් කලා. ජියා එක්ක හිටියත් ජංගුක් නිතරම ලෙයා ගැන කතා කරපු එක ජියාව ටිකක් රිද්දුවා. ඒක ගැන දන්න නිසාම තමයි ජංගුක් ලෙයා දෙන්නා යුනිවර්සිටි එකේදිවත් ටිකක් ඈත් වෙලා ඉන්න හිතාගත්තෙ.

"අයිගෝ මැණික........ එයා මගේ යාලුවා විතරයි. Don't be jealous okay...."

ජංගුක් හිනාවෙලා කියද්දි ජියා ඔලුව වැනුවා. කෙල්ල හරි ආසයි ජංගුක් ලඟ හුරතල් වෙවී ඉන්න. ඒ ජියා කියන්නෙ ටිකක් දඟකාර හුරතල් ගෑනු ළමයෙක් නිසා වෙන්න ඇති.

මේ අතර ලෙයා හිටියෙ යුනිවර්සිටි එකෙන් එලියෙ තියෙන කන්වීනියන්ස් ස්ටෝර් එකට වෙලා. ගෙදරට ඕන කරන බඩු වගයක් ගන්න යුනිවර්සිටි එකේ ලන්ච් බ්‍රේක් එකේදි එන්න කෙල්ල තීරණය කලේ රෑ වෙලා එහෙමෙහෙ යන එක හැමෝටම තහනම් කරලා තිබුණ නිසා. වෙනදට මේ වැඩ වලට ජංගුක් කෙල්ල එක්ක ආවත් අද ලෙයා හිටියෙ තනියම.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now