Chapter 22

221 50 57
                                    


"තමුන් කොහොමද මගේ හස්බන්ඩ් වෙන්නෙ?"

යූජින් ඇස් දෙකත් ලොකු කරගෙන අහද්දි යුංගි කට කොනින් හිනාවෙලා සෝෆා එකට හේත්තු වුණා. ඒත් එක්කම නාන ගමන් හිටපු ජංගුක් බාත් රොබ් එක පිටින්ම සාලෙට ආවෙ යූජින් රණ්ඩු වෙන්නෙ කාත් එක්කද බලන්න. හැබැයි එතන හිටියෙ යුංගි කියලා දැක්කට පස්සෙ ජංගුක්ගෙ කේන්තිය යූජින්ගෙ එකටත් වඩා වැඩි වුණා.

"මින් යුංගි....... තමුන් මොකක්ද මෙහෙ කරන්නෙ? අපිට කරපු දේවල් මදි වෙලාද තවත් මෙහෙ එන්නෙ?"

"මං ඔයාලට මොනාද කලේ ජංගුක්?"

"දන්නෙම නෑ...... ලෙයා අතුරුදහන් වෙන්න හේතුව තමුන්. තර්ටි සික්ස් කියන විකාර කාරයා අපේ එපාට්මන්ට් එකට බොඩි එකක් ගෙනත් දැම්ම දවසෙ ඉඳලා අද වෙනකම් වෙච්ච හැම කරදරේකටම තමුන්ගෙ මොකක් හරි සම්බන්ධයක් තියෙනවා කියලා මම දන්නවා."

"ටිකක් ගරු කරලා කතා කරන්න ජංගුක්..... මම ඔයාගෙ හ්යොන්ග් කෙනෙක්."

යුංගි කියද්දි කට කොනින් හිනාවුන ජංගුක් අහක බලාගත්තා. යුංගිව දකින වෙලාවට තරහක් එන එක කොල්ලට නතර කරගන්න බැහැ. ජංගුක් යුංගි ඒ විදිහට නිශ්ශබ්දවම ඉද්දි යූජින්ට තිබුණෙ තාමත් නොවිසඳුණු ප්‍රශ්නයක්. යුංගි කොහොමද එකපාරටම තමන්ගෙ අනාගත හස්බන්ඩ් වුනේ?

"මගේ ප්‍රශ්ණෙට ඔයා තාම උත්තරයක් දුන්නෑ......"

"ඕහ්...... සොරි ස්වීටි..... බලන්නකො. අද ඔයාගෙ ඔම්මලා කතා කරලා ප්‍රපෝසල් එකක් ගැන කිව්වා නේද? අන්න ඒ කිව්වෙ මම ගැන. තව සති දෙකක් යනකොට අපි දෙන්නගෙ මැරේජ් එක සිද්ධ වෙයි."

"වට්......? තමුන්ට අමු කැවිලද? මං තාම ඩිග්‍රි එක කම්ප්ලීට් කරලත් නෑ. අනික..... මම තමුන්ව නම් කොහොමත් බඳින්නෙ නෑ. නෝ නෙවර්....."

"හරි තමුසෙට මාවනෙ බඳින්න බැරි. එහෙනම් ලෑස්ති වෙනවා ජේහියුක් කියන එකා ලඟට යන්න."

එකපාරටම තරහා ගිය යුංගි සෝෆා එකෙන් නැගිටලා කෙලින්ම ගෙදරින් එලියට ගියේ ජංගුක් යූජින් දෙන්නම ගැස්සිලා යද්දි. යුංගි හිතාගත්තා පුළුවන් තරම් හෙමින් කතා කරලා යූජින්ව කැමති කරවගන්න. ඒත් යූජින් එක්ක ඒ වැඩේ ලේසි වුනේ නැති නිසා කෙල්ලට අනතුරක් වෙයි කියන බය නිසාම යුංගිට තමන්ව පාලනය කරගන්න අමාරු වුණා.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now