Chapter 9

254 57 77
                                    


"අද අර හා තඩියා නෑ වගේ නේද?"

ටේහ්යොන්ග් ඇහුවෙ තමන්ගෙ එපාට්මන්ට් එකේ බැල්කනියෙන් එබිලා පහල බලන ගමන්. කොල්ලා මේ දවස් ටිකේම කලේ ලෙයා ජංගුක් දෙන්නා ගැන ඔත්තු බලපු එක. ඒකට ප්‍රධානම හේතුව තමයි ආපු මුල්ම දවස්වල හරි විනෝදෙන් හිටපු ජංගුක් ලෙයා දෙන්නා දැන් ඉන්නවද නැද්ද කියලත් හොයාගන්න බැරි තරම් නිශ්ශබ්ද වෙලා හිටපු එක. 

"ඉතින් ඔයා මොකද අනේ මෙච්චර එයාලා ගැන හොයන්නෙ?"

"හහ්..... අපි අසල්වැසියො ගැන හොයලා බලන්න ඕන. විශේෂයෙන් අර වගේ හා තඩියෙක් ගැන."

ටේහ්යොන්ග් බැල්කනියෙන් එබිලා උඩින් පේන ජංගුක් ලෙයා දෙන්නගෙ එපාට්මන්ට් එක දිහා බලන්න උත්සාහ කලා. යූජින් ඒ දිහා බලාගෙන හිනාවුනේ තමන්ගෙ සහෝදරයට නම් කියලා තේරුමක් නැහැ කියලා හිතන ගමන්. මොකක් හරි දෙයක් කරන්න ඕන වුනොත් අනිවාර්යයෙන්ම කරන ජාතියෙ කෙනෙක් ටේහ්යොන්ග් කියන්නෙ.

වෙලාවත් රාත්‍රී නවය පහුවෙලා තියෙද්දි ටේහ්යොන්ග්ට ඇත්තටම තිබුණ ප්‍රශ්නෙ ලෙයා ගෙදර තනියම ඉන්නෙ කොහොමද කියන එක. තර්ටි සික්ස් එක්ක වුන මිනීමැරුම් සිද්ධි නිසාම තනියම ඉන්න එක ඒතරම් නුවණට හුරු දෙයක් නෙවෙයි කියලා හැමෝටම තේරුණා. එහෙම තියෙද්දිත් ඇයි ජංගුක් ලෙයා එක්ක හිටියෙ නැත්තෙ?

"මං පොඩ්ඩක් ගිහින් බලලා එන්නම් යූජින්. ඔයා දොරවල් ජනෙල් හොඳට වහගෙන ඉන්න."

"ඔප්පා........"

ටේහ්යොන්ග් තමන්ගෙ කෝට් එකත් අරන් එලියට බහිද්දි යූජින් හැදුවෙ කොල්ලට මොනවා හරි දෙයක් කියන්න. ඒත් ඒ වෙනකොටත් ටේහ්යොන්ග් එලියට ගිහින් ඉවර නිසා යූජින් ලොකු හුස්මක් පහලට දාලා ගෙදර දොර වහගත්තා. ටේහ්යොන්ග් ඒ අතර හෙමින් හෙමින් උඩ තට්ටුවට ගියේ මුළු නිවාස සංකීර්ණයම පාළුවට ගිය තැනක් වගේ පේන්න ගනිද්දි.


********************


ඩොක් ඩොක්.........

"ලෙයා....... ප්ලීස් මේ දොර අරින්න. මම දන්නවා ඔයා ඇතුළෙ ඉන්නවා කියලා."

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now