Chapter 25

219 48 46
                                    


"ඉක්මන් කරනවා ජිමින්..... ඌ මේ පාර අත තිබ්බෙ වැරදි කෙනාට. යූජින්ට මොකක් හරි වෙලා තිබ්බොත් මම ඌව......."

"කලබල වෙන්න එපා යුංගි හ්යොන්ග්... ඔයා දන්නවනෙ අද තමයි අපේ මේන් ප්ලෑන් එක තියෙන්නෙ කියලා. මේ වෙලාවෙ කලබල වෙලා අපේ අන්තිම බලාපොරොත්තුවත් නැති කරගන්න එපා."

ජිමින් කියද්දි තමන්ගෙ නලල ඇඟිලි තුඩු වලින් පිරිමදින ගමන් යුංගි ඔෆිස් රූම් එකේ එහෙට මෙහෙට යන්න පටන් ගත්තා. යූජින්ව පැහැරගෙන ගියාට පස්සෙ ටේහ්යොන්ග් ජංගුක් දෙන්නව ආපහු එපාට්මන්ට් එකට යවපු යුංගි කෙලින්ම ආවෙ කම්පැනි එකට. ජිමින්ගෙ උදව්වෙන් වාහනේ ගැන තොරතුරක් හොයාගන්න උත්සාහ කලත් ඒ පාරෙ කිසිම සීසීටීවී කැමරා එකක් නැති නිසා වගේම වාහනේ නම්බර් ප්ලේට් එකත් මුල ඉඳලම කවර් කරලා තිබුණ නිසා කිසිම තොරතුරක් හොයාගන්න අවස්ථාව ලැබුණෙ නැහැ. 

"උන් මේ පාරත් කිසිම වැරැද්දක් නැති වෙන්න වැඩේ කරලා හ්යොන්ග්. මට තියෙන ප්‍රශ්නෙ යූජින්ව ටාගට් කරන්න තරම් ජේහියුක්ලා එයා ගැන දැනගත්තෙ කොහොමද කියලා. ලෙයා තමයි ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් කියලා හිතාගෙන හිටියා නම් දැන් එකපාරටම පොයින්ට් එක යූජින් වුනේ මොකද?"

"මම යූජින්ව බඳින්න හදනවා කියලා ඌ දැනගන්න ඇති ජිමින්. ඒ හින්දා උන් හිතන්න ඇති ඒ ලෙයා නෙවෙයි කියලා."

"ඒක හරි...... ඒ වුණාට ඔයාලගෙ මැරේජ් එක ගැන දන්නෙ අපි ටිකයි යූජින්ගෙ ගෙදර අයයි විතර නෙ. ටේහ්යොන්ග් ජංගුක් දෙන්නා ඇරෙන්න අනිත් කවුරුත් ඒ ගැන දන්නෑ. එහෙම එකේ මේක පිටට ගියේ කොහොමද?"

ජිමින් කියද්දි ඒ ගැන කල්පනා කරන්න උත්සාහ කරපු යුංගි එකපාරටම ඇස් දෙකත් ලොකු කරගෙන ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටෙ දෙයක් මතක් වුන නිසා. හැබැයි මේ වෙලාවෙ නම් ජිමින්ටත් යුංගිගෙ සැකේ ඒ විදිහටම ඇවිත් තිබුනා. දෙන්නගෙම කටින් පිට වුනේ එකම නමක් විතරයි.

"ජියා............."


********************


"ජියා........ දැන් ඔය අඬන එක නවත්තන්න ළමයො. ඔයා නිසා නෙවෙයි එහෙම දෙයක් වුනේ. තේරුනාද?"

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now