Chapter 14

247 51 50
                                    


"මම හිතුවා හරියටම හරි එහෙනම්."

යුංගි කිව්වෙ තමන් ඉඳගෙන හිටපු තැනින් නැගිටින ගමන්. යුංගිගෙ සද්දෙත් එක්ක මෙච්චර වෙලා කම්පියුටර් එක දිහා බලාගෙන හිටපු හෝසෝක් ජිමින් දෙන්නත් ඒ පැත්තට හැරුනා. කට කොනින් හිනාවෙන ගමන්ම යුංගි ගියේ ඔෆිස් එකේ කොනක තිබුණ වීදුරු ජනේලෙ ලඟට. මුළු සෝල් නගරයම එතනට හරි ලස්සනට පෙනුනා. හැබැයි සෝල් නගරය ඇතුළෙ හැංගිලා තියෙන අඳුරු නරක පැතිකඩ මේ විදිහට පිටින් බලන කෙනෙක්ට දකින්න පුළුවන් වුනේ නැහැ.

"මොකක්ද හ්යොන්ග් හොයාගත්තෙ?"

ජිමින් අහද්දි යුංගි අතට ගත්තෙ තමන්ගෙ සාක්කුවෙ තිබුණ පුංචි ගෝනි කෑල්ල. ගෝනි කෑල්ලෙ ලාවට තිබුණු රතු පාට අකුරු කොටසක් දිහා බලාගෙන හිටපු යුංගි ඊලඟට ගියේ තමන්ගෙ එහා පැත්තෙන් තිබුණු කබඩ් එක ලඟට. කබඩ් එකෙන් තද දුඹුරු පාටම ගෝනියක් අතට ගත්ත යුංගි ඒක අරගෙන ආවෙ හෝසෝක් ජිමින් දෙන්නා ඉන්න තැනට.

"මේ බලන්න..... මේ තියෙන කොටස හරියටම මේ ගෝනියට ගැලපෙනවා. ඒ වගේම තමයි මේ ජාතියෙ ගෝනි තාමත් පාවිච්චි කරන සෝල් වල තියෙන එකම තැනත් මං දන්නවා."

"ඒ..... මාත් දන්නවා... ඔය ඩ්‍රස් ඩිසයින් කරන තැන් වලට යවන පුංචි පුංචි ඇසසරීස් දාලා යවන ගෝනි. එයාලා ගොඩක් පරණ කම්පැනියක් නිසා තාමත් මේ විදිහට තමයි බඩු එහෙ මෙහෙ ගෙනියන්නෙ."

හෝසෝක් කියද්දි යුංගි ඔලුව වැනුවෙ ඒක ඇත්ත කියන්න වගේ. ඒත් යුංගිට තේරුන ජිමින් හෝසෝක් දෙන්නට නොතේරුන තව දෙයක් තිබුණා.

"ඒත් ඒ වගේ දේකින් අපිට කියන්න පුළුවන් මොකක්ද හ්යොන්ග්?"

"ම්ම්...... මේ ගෝනිය පාවිච්චි කරපු නැති අලුත් එකක් වගේ පේනවා. හොඳට බලන්න.... මං ලඟ තියෙන පාවිච්චි කරපු ගෝනියට වඩා මේකෙ පාට පැහැදිලි තද පාටක්. ඒ කියන්නෙ මේක අනිවාර්යයෙන්ම අරගන්න ඇත්තෙ මේන් කම්පැනි එකෙන්. මොකද කම්පැනි එක ඇතුලෙම යූස් කරන ගෝනි වල විතරයි මේ තරම් හොඳ කොලිටි එකක් තියෙන්නෙ."

යුංගි කියද්දි ජිමින් ගෝනි කෑල්ල අතට අරගෙන ඒ දිහා බැලුවා. යුංගි කියන කතාවෙ ඇත්තක් තියෙනවා. හැබැයි මේක තහවුරු කරලම කියන්න යුංගිට ඊටත් වඩා ප්‍රබල හේතුවක් තිබුණා. යුංගිගෙ කට කොනේ තිබුණ හිනාව තාමත් නැති වෙලා තිබුණෙ නම් නැහැ.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now