Chapter 15

246 53 31
                                    


"මට නම් හිතාගන්න බෑ මේ වෙන දේවල්. මේ දෙන්නා මොකුත් කියන්නෙත් නෑ. අපිට පොලිසියට යන්න දෙන්නෙත් නෑ."

ටේහ්යොන්ග් කිව්වෙ ලිවින්ග් රූම් එකේ එහෙට මෙහෙට ඇවිදින ගමන්. සෝෆා එකේ වාඩි වෙලා ඔහේ කල්පනා කර කර හිටපු ජංගුක් පහුවදා උදේ වෙනකම්ම කලේ එතනට වෙලා ඉඳගෙන ඉන්න එක විතරයි. ඒ අතර ටේහ්යොන්ග් පුළුවන් හැමතැනකම ලෙයාව හොයන්න මහන්සි වුණා. යූජින් කෝෆී හදාගෙන ආවෙ දැන් වෙලාව පාන්දර හතර වුනත් කාටවත් නින්දක් තිබුණෙ නැති නිසා. ජංගුක් තමන්ගෙ තෙත ඇඳුම් මාරු කරගත්තෙත් ටේහ්යොන්ග්ගෙ කරදරේ නිසාමයි.

"ජංගුක් ඔප්පා...... මේ කොෆී එක බීලා ඉන්න. ඔයා තාම වතුර ටිකක් වත් බිව්වෙ නැහැ."

"ඔව් ජංගුක්..... මොන දේ කරන්නත් අපි හරියට ඉන්න ඕන. අපි කොහොම හරි ලෙයාව හොයාගමු."

ටේහ්යොන්ග් යූජින් දෙන්නම කියද්දි කප් එක තමන්ගෙ අතට ගත්තත් ජංගුක් හිටියෙ හරි සිහියෙන් නෙවෙයි. කොල්ලා ගෙ හිතේ එහෙ මෙහෙ දුවන ප්‍රශ්න ගොඩක් තිබුණා. තර්ටි සික්ස් කියන්නෙ මිනී මරුවෙක් නම් ඔහුගේ මීලඟ ගොදුර තමන්ගෙ යාලුවා වෙන එක නවත්තන්නයි කොල්ලට ඕන. ජංගුක් කොයිතරම් තරහකින් ඉන්නවද කියලා කොල්ලාගෙ කෝප්පෙට තද වෙලා වෙව්ලන අත්වලින්ම කියන්න පුළුවන්.

"මාත් ඇඳුමක් දාගෙන එන්නම් යූජින්. ඔයත් දොර වහලා නිදාගන්න යන්න."

"හරි ඔප්පා......"

ටේහ්යොන්ග්ගෙ අතේ තිබුණ කප් එක අරගෙන කිචන් එකට ගිය යූජින් කප් එක හෝදන්න පටන් ගත්තා. ඇත්තටම මේ වුන දේවල් කෙල්ලටත් ලොකු පටලැවිල්ලක් වුනත් එන දේකට මූණ දෙනවා ඇරෙන්න වෙන මොකුත් කරන්න පුළුවන් වුනේ නැහැ. මොනවා වුනත් ජංගුක් පොලිසියට යන්න අකමැති වෙද්දි නම් යූජින්ගෙ හිතෙත් තිබ්බෙ පොඩි කුකුසක්.

කෝප්පෙ හොදලා කබඩ් එකෙන් දාපු යූජින් ආවෙ දොර වහන්න හිතාගෙන වුනත් මෙච්චර වෙලා සෝෆා එකේ ඉඳගෙන හිටපු ජංගුක් පේන්න නැති වෙද්දි නම් කෙල්ලව ගැස්සිලා ගියා. ඒත් එක්කම කෙල්ල බැල්කනියට දුවලා වටපිට බැලුවත් ජංගුක් කොහෙවත් පේන්න හිටියෙ නැහැ.

THIRTY SIX ➌➏ || MYG ✓Where stories live. Discover now