"ආපෝ නැගිටින්නකො.. මේ හලොව්ව්..."
"ම්ම්.."
"නැගිටිනව මනුස්සයෝ.."
"මේ මොකද.."
"මම කැම්මැළියෙක් නෙවෙනේ..මට වැඩ තියෙනවා.නැගිටින්න අප්පා..මම චිත්ර පාට කරන්න ආවේ."
හය හමාරයි කියල ෆෝන් එකෙන් පෙන්නගෙන ඉන්න වයාන් සුදු ඇඳුමම ඇඳගෙන පාන්දරම ඇවිල්ලා හිටිය.ඒ එලාම් එකම මම නැඟිටලා ලෑස්ති වෙලා අර අලි බබාට කවන්න වාඩි වුණා.එයා ඇදගෙන හිටපු ඒප්රන් එක ගළවලා දාලා මගෙ ඔඩොක්කුවෙන් වාඩි වුණා.
"දෙයක් දවස් විසි එකක් එකදිගට කරාම ඒක පුරුද්දක් වෙනව කියල අහල තියෙනවද" වයාන් ඇහුවේ මම එයා ගෙනාව බත් එක ලිහින කොට.
"ඕව්..ඇයි දැන් ඒක මෙතෙන්ට...මේ.. මට එක වෙලාවකට නැගිටින්න කියල නම් කියන්න එපා පුතෝ"
"නෑ.. මම නිකන් කිව්වේ."
"ආ.." මම පළවෙනි කටම වයාන් ට දුන්නා.මොක වුණත් මට කලින් නැගිටලා නේ.
"මම උදේට මෙහෙ එනවට අම්මලා උඩින්ම කැමති. මම එනව දැන් අපෙ කෑම එකත් අරගෙන හැමදාම."මම මොනවත් කිව්වේ නෑ.
"..එපාද.."
"නෑ.. මොනව කියන්නද මම.පිටිපස්සට වෙලා වාඩි වෙන්නහරියට.පඩි ගත්තම පුටුවක් ගන්න ඕනෙ ."
"ඔව්..ඒක හොඳයි..ඒත් මට මේ පුටුව හොඳා." වයාන් කිව්වේ මගෙ නහයට තට්ටුවක් දාලා.
"මම මෙහෙ ඉන්නද අදත්.."
"..එපා" මට ඕනෙ ඔයාව තියාගන්න.ඒත් මොකක් හරි හේතුවකට උඩු හිත කියනවා එපා ලු.
"ඇයි.."
"නිද්.."
"මට ඇති....මම මෙහෙ ඉන්නවා. ඉස්කෝලෙ ගිහින් එන්නෙ මෙහෙට." වයාන් වතුර බීල බාතෲම් එකට රිංඟගත්තේ මම කියන දේ ඇහෙන්නේ නෑ වගේ.
"එනව එළියට මට අත හෝදගන්න ඕනේ."
කලින් දවසේ වගේම මම වයාන් ව ඇරලලා ආව. අද එයා මට දවල්ට කෑම එකක් ගෙනල්ලා තිබුනා.දවල්ට මහන්සි.. ඒත් මේ නොදන්නා පැත්තේ ඉන්න බය හිතෙන්නේ නෑ වයාන් නිසා. මොක වුණත් එයා මට එහා පැත්තේ ඉන්නව කියන දේ මට හිත දන්නවා. දවල් ඉස්කෝලෙ ඇරෙන වෙලාවෙන් පස්සෙ ඉදල මම සෙවිල්ලෙන් හිටියත් වයාන් මෙතනින් ගියෙ නෑ.වෙනදට වඩා ටිකක් කලින් අද වැඩ ඉවර උන නිසා ඒ ගමන් වෙනදට වඩා වේගයෙන් දිව්වා. කොච්චර ඉන්න එපා කිව්වත් මට එක පාරක් හරි මූණ දකින්නේ නැතුව ඉන්න බෑ වගේ හිතෙනවා.
YOU ARE READING
LOMEO | zhanyi - COMPLETE
Romantiek" ආදරේ විතරක් දෙන්න ඒ ඇති. ඒත් හැබයි ආදරේ ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා "