02

1.8K 173 36
                                    

පැන්සලකින් ස්ක්‍රැච් බුක් එකක පත්තිරිප්පුව ඇඳ ඇඳ ඉදපු ඒ පිරිමි ළමයා මගෙ පැත්ත හැරිලා යන්තන් පොඩි හිනාවක් දාලා ආයෙත් එයාගේ වැඩෙ කරගෙන ගියා. දැනට සෑහෙන්න ඇදලා. මම පොරි පැකට් එක අපි දෙන්නගේ මැදින් තියලා අත් දෙක පිටිපස්සට ඇල වෙලා පත්තිරිපපුව දිහා බලාගෙන හිටියා.

" ඔයා නුවර නෙවේද" බලන්නේ වත් නැතුව චිත්‍ර කාරයා මගෙන් ඇහුවා.

"නෑ."

"මට හිතුණා. මෙතනින් කොච්චර මිනිස්සු ගියත් එක්කෙනෙක් වත් මෙතන නතර වුණේ නෑ .අනිත් එක මෙච්චර සැප විදිහට මේ වගේ තැනක වාඩි වුණාම මට අහන්න හිතෙන්නේ ඔයා නිර් ආගමිකද කියලා"

මම සුටුස් ගාලා කෙලින් වාඩි වුණා.

" දැන් ඔයා කියන්නෙ මෙතනින් යන මිනිස්සු නතර වෙලා ඔයා දිහා බලාගෙන ඉන්න ඕනෙ කියලද එක්කෝ කීයක් හරි කාසි දාගෙන යන්න කියලද. උන් උන්ගේ වැඩ කරගෛ ඔයා ඔයාගේ වැඩේ කරගන්න. "

"හරි" 

පත්තිරිප්පුව ඇදලා ඉවර වෙලා පොත උස්සලා දේවේන්ද්‍ර මුලාචාරීන් හැදුව පත්තිප්පුව වගේම තියෙනවද කියලා බලලා මේ පණ්ඩිත් අප්පුහාමි  කිව්වා.

"මම කියන්නේ නෑ එහෙම කරන්න කියලා , ඔයා වෙනස් වගේ. ඒත් එක්කම ඔයා කරේ හරි දෙයක්. පත්තිරිප්පුව කියලා කියන්නේ පාර් තු ඉරිප්පු කියන දෙමළ නම් දෙකෙන් හැදුන නමක්. පා‍ර් තු කියන්නේ බලනවා කියන එක ඉරිප්පු කියන්නේ ඉඳගෙන කියන එක.කොහොම හිටියත් නමට සාදාරණයක් කරල තියෙනවා "

මම ඉදගෙන හිටපු හැටියට විචාර කිව්ව මනුස්සය ඒ මම හිටපු විදිහටම ඉඳගෙන කිව්වා .මම ඉබ්බෙක් වගේ කියන එක අහගෙන හිටියා. පණ්ඩිත් කෙනෙක් තමා.

" ආ " එයා ඇදපු චිත්‍රය මට දික් කරා

" මට එපා වුණාම මම ඇවිල්ලා පත්තිරිප්පුව අඳිනවා.මේක තියාගන්න .මට පත්තිරිප්පු ගොඩයි."

"තැන්ක් යූ. ඔයා මොනවා කරන කෙනෙක් ද"

"ආ.. නැට්ටුවෙක් . පේන්නැද්ද "

" මෙහෙමනේ මම උයන්න දන්නවා .එහෙමයි කියල මම චෙෆ් කෙනෙක් නෙවේ"

"උයන්න විතරද මම ඊට වඩා දන්නවා"

LOMEO | zhanyi - COMPLETEWhere stories live. Discover now