13

1.1K 123 32
                                        

රිවස්ටන් ගමනෙන් සතියකට පස්සේ මම ශොප් එකෙන් අයින් වුණා... මගේ ෆීව'ර් එකේ වැඩ වලින් දැන් මට වැඩ ගොඩක් සෙට් වෙනවා. මං ලොකු ප්‍රිජෙක්ට් එකක් කරන්න යන්නේ ෆ්‍රාන්ස් කම්පැනි එකක. ඒක ගොඩ ගියොත් මට එයාල එක්ක  දිගටම වැඩ කරන්න පුලුවන්. වයාන් ලක්රුකටයි KCC එකටයි දාන පේන්ටින්ග්ස් පිටරට අය ගොඩක් අරගන්නවා. ඒකෙන් හම්බෙන ප්‍රතිචාර නිසා කොල්ලා තව උනන්දුවෙන් අදිනවා. 

අපි දෙන්නම ඩිග්‍රි ගහලා නෑ. අපි ළඟ තිබුන හැකියාවන් වලින් තමා මේ හම්බ කරන්නේ. මම නම් කියන්නේ ජොබ් එකක් ගන්න ඩිග්‍රී එකක් ඕනේ ඇරෙන්න වෙනම අපි ඩ්‍රිගි එකක් නැතුව බුගාටි එකකින් හරි මොකක් හරි හොඳ වාහනේකින් ඇවිත් බැස්සොත් කවුරුත් අපෙන් අපි ගත්ත ඩිග්‍රී එක අහන්නේ නෑ. මොන දේ කරලා හරි දුක් විදින්නේ නැතුව ජීවත් වෙන්න. 

මිනිහෙක් දුප්පත් වෙලා ඉපදෙන එක ඒ කෙනාගෙ වැරැද්දක් නෙවේ හැබැයි එයා දුප්පතෙක් වගේ මැරිලා යන එක එයාල්ගෙ ලොකුම වැරැද්දක් කියන්නේ ඇත්ත. අනික වැඩිහිටියෝ කියන්නේ බුද්ධිමත්තු නෙවේ, කෙස් පැහුන මෝඩයොත් ඉන්නවා.. එයාලගෙ සමාජ දැනුම වැඩි වුණාට බොහෝ විට හිතන්නේ පරණ තාලෙටනේ... එයාලා කියන හැමදේම පිළිගන්න ඕනෙ නෑ එයාල කියන දේවල් ඇතුළේ පිළිගන්න පුලුවන් දේ වගේම බැරි දේත් තියෙනවා... ඕනෙම දේක හොඳ වගේම නරක තියෙනවා.

"අයියේ...මේටික මම ලක්රුකට දානවා . අද හවස රිසාල්ට් අවුට් කරනව ලු නේ.. අපෙ අම්මලා කැම්පස් යන්න කියයිද දන් නෑ. මම සේරම පාස් කියලා නම් ශුව"

"ඒක බලමුකෝ.. ඔය ටික දාල දැන් ගෙදර යනවද"

"ඔව් ඔව්.. ඔයා බලල කියන්න රිසාල්ට්. මට බෑ වගේ"

"හා... පරිස්සමෙන් යන්න.. ගිහින් කියන්න"

 මම වයාන්ගෙ නළලට හාද්දක් තිබ්බම එයත් මගෙ කම්බුල් දෙකට හාදු දෙකක් තිබ්බා. මම පේන්ටීන්ග්ස් තුනක් අරගෙන වයාන් එක්ක පහළට ආවා.

"දෙන්න..."

"එන්නද මන්. පුලුවන්ද පහක් තියෙනවා"

"එපා එපා..පුලුවන් පුලුවන්"

"පේමන්ට් එකේම යන්න.. "

LOMEO | zhanyi - COMPLETEWhere stories live. Discover now