" මේක ගිෆ්ට් එකක්.. රිසාල්ට්ස් බලමු.."
"මොන..රිසාල්ට්ස්..ආවද.."
"ඔව්.. ඊයෙ රෑ ආවා. කාටවත් ගානක් නැතුව ඇති.."
"පාස් ද ෆේල් ද දන්නේ නැතුව ගිෆ්ට් එකක් දෙන අප්පච්චි කෙනෙක් දැක්කමයි."
මම ඉක්මනට ඇඳේ වාඩි වෙලා ෆෝන් එක අරගෙන සයිට් එකට ගිය..
"මොන රෙද්දක්ද.මේ.. රොබෝ ල මෙව්ව බලනවද රෙද්ද..අයියෝ..පෑන් හොයන්න.."
"මොකක් ගැනද මේ කෑගහන්නේ" වයාන් ඇවිත් මගෙ ඉස්සරට හිටගෙන ඉන්නවා.. බයයි දැන් නම්.කොච්චර විශ්වාසයක් තිබ්බත් සේරම පාස් වෙයි කියලා මේ වෙලාවෙ තක්කෙටම බය වෙලා ඉන්නේ.ඒ අස්සේ රොබො කෙනෙක් නෙවෙයි කියල ඔප්පු කරන්නලු..
"AAC C English"
"සිරාවට..අඩේ අයියේ..කෝ.. මරු නෙ හලෝ. z-score එකයි rank එකයි මොකද්ද."
"1.968 , රෑන්ක් එක දිස්ත්‍රික්කෙන් 26 "
"එකෙන්ම කැම්පස් යන්න පුලුවන් නෙ බොල.."
"මම යන් නෑ..ආයෙ කියන්න එපා..යන්නේ නෑ."
"ඔයාගෙ කැමැත්තක් ඉතින්.. එන්න" මගෙ ඉස්සරහ ඉන්න වයාන් මට අත් දෙක දික් කරා.මම එයාගෙ බඩෙන් ඔලුව තියාගෙන ඉන වටේ අත් දෙක දාගත්තා..
"ඔයා ඕනෑවට වඩා හොඳයි අයියේ... අපි දිගටම ඇදගෙන යමු."
"ම්ම්..අම්මට කියන්න ඕනේ"
"කියන්න.."
මම කෝල් කරා.. අම්මට ඉස්කෝලෙ ගුරුවරුන්ට වගේම පන්තිවල අයට. ෆෝන් එකේ මැසේජ්ස් පිරිලා. මළගෙදරට මගෙ යාලුවෝ කවුරුත් ආවෙ නෑ.. එයාල සිද්ධිය දන්නවා වුණාට ඒකෙ එක පුරුකක් මම කියල දන්නේ නෑ.සේරම එක දවසින් ඉවර වුණ නිසා මට වුණත් කාටවත් කියන්න සිහියක් තිබුනේ නෑ..අද වුණත් මම ප්‍රතිඵල කිව්වා ඇරෙන්න වෙන දෙයක් කිව්වේ නෑ..මට බනියි ඒගොල්ලෝ මෙහෙම දෙයක් වෙලා කිව්වේ නෑ කියල..
මම ගෙදර තිබුන බෙඩ් ශීට් එකක්..පොඩි කොට්ටයක්..පොඩි ටෙඩි බෙයා කෙනෙක් උණුවතුර බෝතලයක්, කාමරේ තියාගෙන හිටපු මග් එකක් දෙකට නවන පුටුවක් වගේ තව දේවල් ගොඩක් අරගෙන ආවා. ඒදේවල් අස්කරල දාලා වයාන් පාඩම් කරනකල් මම ලැවැන්ඩර කියන පොත කියවන්න ගත්තා.හෙට ඉදල වැඩට යන්න ඕනේ..
YOU ARE READING
LOMEO | zhanyi - COMPLETE
Romance" ආදරේ විතරක් දෙන්න ඒ ඇති. ඒත් හැබයි ආදරේ ඇතුළේ අනු මාතෘකා ගොඩක් තියෙනවා "