අවසානය

261 13 7
                                    

.දෝණී යන්න පුතේ පිටිපස්සට යන්න ....රත්තරන් ඉස්සරහට එන්න එපා..." ටේහ්‍යුන්ග් කෑගැහුවට  ශනූට ඇහුනේ නෑ මිල්ක් ශේක් එක විසි කරලා ටේහ්‍යුන්ග් ශනූ ළගට දුවගෙන ඇවිත් ශනූව එහාට තල්ලු කරත් කොල්ලට එහාට පැනගන්න වුණේ නෑ . වේගයෙන් ආපු බස් එකේ ටේහ්‍යුන්ග් ව වැදිලා අඩි ගාණක් විසි වුණා..
ඒත් එක්කම බස් එක නතර කළත් කොල්ලා වාහනේ වැදිලා ඉවරයි..
බස් එකෙන් ඉක්මනට බැහැපු මිනිස්සු දැක්කේ තමන්ගේ තාත්තා ළගට වෙලා අඩන අහිංසක පුංචි රෝස මල විතරයි..

කෙල්ලගේ ලා රෝස පාට ගව්ම පුරාම ලේ ...කෙල්ල ගැහෙනවා හොදටම බය වෙලා මෙතනට ආපු දල්පො ටේහ්‍යුන්ග් ව උත්සලා ගන්නවත් එක්කම බස් එකෙන් බහින කෙනෙක් ගේ ඇස් දෙක නතර වුණේ ටේහ්‍යුන්ග් ළග වටේම තව ගාඩ් කෙනෙක් වඩන් යන ශනු ළග..

" ටේ ටේ... 😥😳"

°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

" අයියේ...බස් එක..." මහිකාට එච්චරයි කියන්න පුළුවන් වුනේ ජන්ග්කුක් මහිකාගේ අතිනුත් ඇදන් දිව්වේ දල්පොගේ ඩිපෙන්ඩර් පස්සෙන් .

" කොහෙද අප්පා.මේ දුවන්නේ..." කෙල්ල හති අරින ගමන් ඇහුවා .කොල්ලගෙන් කිසි උත්තරයක් නෑ කොල්ලා දුවනවා..
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
දල්පො ටේහ්‍යුන්ග් වත් දාන් හොස්පිටල් එකට යන ගමන් හිටියේ..

" අප්පච්චී...ක..තා..කල..න්නකෝ..අනේ.
😭 .අප්පච්චි..කි..ව්..වා..නේ..ද..දෝණි..අඩ.නවා..අප්ප..ච්චී... ද..ල්පො..අංතල් අප්පච්චිට.කතා..කල..න්න..නැ.ගිනැගි..තින්න..කෝ.." කෙල්ල ගැහෙනවා .දල්පොට කෙල්ලට කියන්න දෙයක් හිතාගන්න බැ..කෙල්ල වෙව්ලනවා .

" බේබි..අඩන්නැතුව ඉන්නකෝ...අපි ඉක්මනට සර්ව අරන් හොස්පිටල් යන් !" දල්පො.කිව්වා .දල්පො කියන්නේ මිනීමැරුවෙක් අපේ වචනයෙන් කිව්වොත් මොකද දල්පොට තේරෙන්නේ නෑ ළමයෙක් ගේ හිත සනසන්න..ඒත්.මොන හේතුවට දන්නෑ දල්පොගෙ ඇස් වල කදුළු පිරිලා තිබුණා.

"යාහ්හ්හ්...ඉක්මනට වරෙල්ලා.." දල්පො කෑගැහුවේ ටේහ්‍යුන්ග් ව අරන් ඇතුළට යන ගමන් .
ටේහ්‍යුන්ග් ව ඩොක්ටර්ස්ලා ඇවිත් ඇතුළට ගත්තා . කෙල්ල තාම අඩනවා..ගාඩ්ලා කිසි කෙනෙක් කියන දෙයක් අහන්නේ නැ .

එයාට AIDS නෑ ..!  completed Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ