මල් වරුසා 🌼
46 කොටසජීවිතේ අනිත්යයි.. මං ඒක දන්නවා.. අපි හැමෝම කොයි යම් කාල සීමාවකදි හරි මැරෙනවා. ඉපදුන ගමන් මැරුනත් වයසට ගිහින් මැරුනත් අපේ හිතට ලග අය දුක් වෙනවා වැලපෙනවා.. ඒ නිසා කොච්චර තරහාකාරයෙක් වුනත් මැරුනට පස්සෙ මං හොද වැඩේ කියන එක නම් කිව්වේ නෑ..
කාර් එකේ එයාව ඩ්රොප් කරන්න බෝඩිමට එන අතරවාරයේ මට සැරින්සැරේ බැලුනේ ෂටර් එකට කම්මුල තද කරගෙන කොහෙදෝ ලෝකෙක හිරවෙලා ඉන්න එයා දිහා.. මං දන්නවා අවුරුදු හතරක් ගෙවිලා ගියයි කිව්වට ඒ ඇස් වලින් අද වුනත් වැටුනු කදුලු හරිම නැවුම්.. මොකද ඒ මතකය හරිම නැවුම්..
" ඔයා එයාට යන්න දෙන්න ඕනෙ.. එයාට දුක හිතේවි ඔයා තාම වැලපෙනවා කියලා දන්නවා නම්.. "
" හ්ම්ම්.. මං එයාට යන්න දෙනවා.. "
බෝඩිමේ ගේට්ටුව පේන සීමාවෙදි නිදහස් අතින් එයාගෙ අත අල්ලගෙන මං හිත නොරිදෙන්න කිව්වා.. ඒ ඇස් මගේ පැත්තට හැරුනා.. අයියා බබා එහෙම තීරණයක් ගත්ත එකම ඇති.. මොකද මට බල කරන්න බෑනෙහ් අමතක කරපාන් කියලා.. ඒක තමන් විසින් ඇති කරගන්න ඕන දෙයක්..
" මං දැකපු ශක්තිමත්ම කොල්ලෙක් ඔයා අයියා බබා.. ඒ හැමදේම දරාගෙන ඔයා හොදට පාඩම් කරලා ෆස්ට් ක්ලාස් එකකුත් ගත්තා කියන්නෙ.. "
" මං වෙන මොනවා කරන්නද අගත්.. සෑහෙන්න කාලයක් ඇඩුවා මම.. පාරමී එක්ක සයිකැට්රිස්ට් කෙනෙක් ගාවට පවා ගියා.. ටික ටික හිත හදාගත්තා.. මං ඊටපස්සෙ වැඩිපුරම කලේ මැරීගෙන පාඩම් කරපු එක.. නැත්තං මං පිස්සෙක් වෙනවා මමම වරදකාරයෙක් කරගෙන.. "
සුදු කොච්චියා කිව්ව කරපු දේවල් වලින් මට තේරුනේ වලව්වේ ජීවිතේ සෑහෙන්න අමාරුයි කියලා.. එයාට ගෙදරිනුත් එච්චර පීඩනයක් දෙද්දි එයා ආදරේ කරපු කෙනත් එයාට වේදනාත්මක සිදුවීමකින් නැති වෙද්දි එයාගෙ දරාගැනීම.. මං ඒකයි මේ මනුස්සයාට මෙච්චර කැමතියි.. වෙන එකෙක් නම් දිවිනහාගෙන..
YOU ARE READING
✲ මල් වරුසා ✲ ✔️
Non-Fiction✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...