මල් වරුසා 🌼
90 කොටසවලව්වක ඉපදෙන්න ලැබෙන එක වාසනාවක් විදිහට දකිනවද ? නැත්තං අවාසනාවක් විදිහට ? අනික තමයි අප්පටසිරි වෙන්න බූදලේකුත් තියාගෙන එකම මුණුපුරා විදිහට ඉපදෙන එක..? පිටින් පේන මිනිහෙක්ට හිතෙන්න පුළුවන් සල්ලි කදක් ඒක.. මොනවද අඩු.. සුපිරි ජීවිතයක් තියනවා කියලා..
හැබැයි ඉතින් ඒක බොරුම නෙවෙයි.. අවුරුදු බර ගානක් පරණ වලව්වක් වුනාට ජීවත් වෙන හැමෝටම හැමදේම වගේ මේ ගල්කන්ද ඇතුලේ තිබ්බා.. මේක මට විස්තර කරන්න තේරෙන්නෙ නැති තරමට අමුතුම තේජාන්විත බවක් තිබ්බා. ඒ නිසාමනෙ නැමි පනා සීයා නැමි පනාව පුපේ ගහගෙන අලි ඔලුවෙන් ඉන්නෙ..
" බයවෙන්නෙපා මස්සිනේ.. ඔයාටත් මේවා අයිතියි.. මං තනියම සේරම ලියාගන්නෙ නෑ..! "
කන්ද උඩකට වෙන්න තිබ්බ වලව්වේ වත්ත සීමාවෙන් පහල හරි ලස්සනට මුළු නුවරම පෙනෙද්දි මං හිටියේ පිළිකන්න පැත්තේ පේර ගහක් ගාවට වෙලා ඒ දිහා බලාගෙන.. ඒත් එක්කම පිටිපස්සෙන් කටහඩක් ඇහුනා.. වෙන කවුද ඉතින්.. මිහිරාන්ට අරක් ගත්ත භූතයා..!
" මං මේවා ඉල්ලුවද රත්සර හාමුගෙන් ම්ම් ? මේවා ලියාගෙන ඇයි මං මෙහෙ පදිංචි වෙන්නයෑ.. මගෙ ජීවිතේ තියෙන්නෙ කොළඹ.."
" ඒ වුනාට තාන්ය හාමුටත් අයිතියිනෙහ්... "
පේර ගහේ තිබ්බ ගැටයක් කඩාගත්ත එයා හක්කට තියලා කටස් ගාලා හපද්දි මගෙ දත් ටිකත් එක්ක හිරිවැටිලා ගියා.. පැහිලා වත් නෑ තුරු ගැට.. මූටත් එසෙමෙසේ පිස්සුවක් නෙවෙයි තියෙන්නෙ..
" තාන්ය හාමුට නුවරින් කියලා අයිති එකම එක දෙයක් විතරයිනෙහ්.. වෙන මුකුත් ඌට වැඩකුත් නෑ ඒ දේ හැර.."
" එහෙමද.... මොකක්ද දන්නෑ..! "
මං ආසයි එයාට රත්සර හාමු කියන්න.. මට ඒකෙ අමුතු මෙව්වා එකක් තියනවා.. සමහර දවස් වලට මං රෑට එයාව තුරුල් කරන් ඉද්දිත් මගෙ රත්සර හාමුවෝ කියනවා.. කොහොමද මේකාගෙ පාරට්ටුව.. මට අයිති මොනවද කියලා දන්නෙ නෑ වගේ අහන හැටි.. හොර කොච්චියා මේකා..
YOU ARE READING
✲ මල් වරුසා ✲ ✔️
Non-Fiction✅ COMPLETED මේ වසන්තයේම ගත වී යන්නට පෙර, තුරුලේ ඇහිරෙන්නට පතමි මම...