108 කොටස

3.2K 669 200
                                    

මල් වරුසා 🌼
108 කොටස

මොනවා නැතත් එක දෙයක් නම් ඇත්ත.. මිහිරාන් කියන්නෙ සිකුරා නළලෙ තියාගෙන සිකුරු හතේ ඉපදුන පොරක්. කොහෙ ගියත් ඌට අඩුම තරමෙ ලයින් පාරක් දාන්න කෑල්ලක් හරි සෙට් වෙනවා.. ඒක ඉතින් පින තමා.. කියලා මං හිතාගෙන හිටියා..

බුරිය උල් වෙන්න රාමෙන් ද රාවන්ද මන්දා ගිලපු කොච්චියා කටත් ඇරගෙන ඇදේ දපලා ඉද්දි මං ඇද විට්ටමට හේත්තුවක් දාගෙන බිස්කට් පැකට් එක දිහා බලාගෙන හිටියා.. බිස්කට් අටක්..නවයක් ඕනෙ නම් ඇති. නවයක් නම් දෙකට හරියට බෙදන්නත් බෑනෙහ්.. ඒ නිසා හොදම දේ තනියම කන එක තමයි..

" කම්සාම්මිදා.... අන්දේ... අන්දේ... ඔප්පා...!!!!! "

ඇල්පෙනෙති තුඩක් බිමට වැටුනහම ඇහෙන සද්දෙටත් වඩා අඩුවෙන් හරිම සූක්ෂමව බිස්කට් පැකට් එක ඉරපු මං උඩම තිබ්බ ක්‍රීම් පාට බිස්කට් එක කටට ඔබාගන්න හැදුවා විතරයි.. ඇදේ හිටපු මොකෙක් හරි එකෙක් ස්ලෝ මෝෂන් පටන් අරන් යටිගිරියෙන් කෑගැහුවා..

" නාතු සරන්හෙ.. ම්හූක්...."

මොකක්ද යකෝ ඒ පිටසක්වල භාෂාව.. හොදට මතකයි මේ කාමරේ තාම ඇස් ඇරගෙන ඉන්න එකම එකා මං විතරයි කියලා.. තව එකෙක් හිටියා ඌ නම් නිදාගත්තානෙහ්.. හැබැයි කටහඩ නම් කන ලගින් කීං ගාන්න ඇහුන නිසා මං ඇස් කරකවලා බැලුවා.. මෙන්න බොලේ කොච්චියා නින්දෙන් මොනවද කියවනවා.. අපෝ.. හරි වේසයි.. කන්නත් නෑ මට.. හිගන්නාගෙ පාත්තරේට හෙනහුරා ගැහුවා වගේ..

" නිදාගත්තා නම් පාඩුවෙ නිදාගනින්කෝ බන්.. මට මේක කන්න දීලා.. හුප්පෙක් ගැන කියවන්නේ.."

"බිචනේහ්හ්... යාහ් කිසෙක්කියා... "

ඒ පාර කාටද මන්දා සක්කිලියාලු.. හැබැයි ඒ මට නම් වෙන්න බෑ.. මූගෙ හීන වල මේ වෙද්දි ඉන්නෙ මං වත් මූ ඉන්නෙ මුතු ඇටේ කියලා වත් මට ෂුවර් නෑ.. භාසාවෙ හැටියට ඩෑල් එක ලෑන්ඩ් කරලා ඉන්නවා ඇත්තේ සුදු පාට කොඩිය මැද පෙප්සි බෝලයක් තියන රටේ වෙන්නෝනා... 🇰🇷

තවත් මොනාද මන්දා මතුර මතුර කියන ගමන් අතින් පයින් කාත් එක්කද මන්දා ෆයිට් කරත් එක්ක.. ෂුවර් එකට මූ ආමිකාරයෙක් වෙලා හුප්පාව බේරගන්න යන්නැති.. නැත්තං කාටද බන් මේ පණ දාගෙන ගහන්නෙ.. හොද ශෝ එකක් බලන ගමන් මිහිරාන් බිස්කට් දෙකකට වගකියලා හිටියේ.. මොනවා වුනත් මැණික් අප්සරාවි සතුටින් දුන්න පැකට් එකනෙහ්.. නොකා කොහොමද ඉතින්..

✲ මල් වරුසා ✲ ✔️Where stories live. Discover now