106 කොටස

3K 674 203
                                    

මල් වරුසා 🌼
106 කොටස

" මං ඔයාව ගොඩක් විශ්වාස කරා වර්ෂ..! "

තාත්තා අහපුදේට මට දීගන්න උත්තරයක් නැතුව ගොලුවෙලා බලාගෙන ඉද්දි ආයෙමත් ඒ කටහඩ ඇහුනා. හැබැයි මේ වතාවෙ ඒ ඇස් වල ඉලක්කය වුනේ මං නෙවෙයි. මේ වෙද්දිත් අඩන ගමන් හිටපු එයා ලග..

" අ.. අන්කල්.. ම්..මං..මං.."

" ගල්කන්දෙ උන් ඇයි අපිටම පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තේ..?! අපි මොකක් කරාටද අහ්..!! "

" තාත්තේ..!!! "

එයා හිටියේ හොදටම බයවෙලා.. තාත්තා එයාට ගහයි කියන බයටත් වඩා අපේ අම්මිට කියයි කියලද කොහෙද.. මට එයාව තුරුල් කරන් සනසන්න ඕන වුනත් මං අයියා බබාගෙ අතින් අල්ලන්න හදද්දි එයාම මගෙන් ඈත් වුනේ තාත්තා ලග ඉන්න බව මතක් කරන්න වගේ..

" අහ් තමුසෙට කෑගහන්නත් පුළුවන් නේද මිහිරාන්.. අද මෙතන මං නොයිද තාන්වි හිටියා නම් උබේ ඔය කට අනික් පැත්ත හරවයි.."

තාත්තාට කේන්ති ගිහින්.. නෑ කියන්න බෑ.. මොකද මං එයාගෙ එකම පුතා.. අනික මේ ගෙදර නැවතිලා හිටියෙ මගෙ මස්සිනා.. අපි අතර දකින්න ඕන නැති දෙයක් දැක්කට පස්සෙ අනේ කමක් නෑ කියලා පාඩුවෙ ඉදී කියලා හිතන්න පුළුවන්ද කොච්චර අන්ඩර්ස්ටෑන්ඩින් තාත්තා කෙනෙක් වුනත්..?

" මට කෑගහන්න ඕන නෑ.. ප්ලීස් තාත්තා එයාට සැර කරන්නෙපා.. එයා ගොඩක් සෙන්සිටිව්.."

" සෙන්සිටිව්කම මං දැක්කා කහ්ම්.. කාමරේදි.."

අපෝ.. අපේ තාත්තාගෙ මූණේ කිසිම විහිලු පාටක් නෑ යෝහ්.. ඒත් එයා හොදට හින්ට් අරිනවා අපිට.. මොන කරුමෙකට ඒක එහෙම වුනාද කියලා මට හිතාගන්න බෑ. තාත්තාත් සප්‍රයිස් නැතුවටද බන් බැල්කනිය දිගේ ආවේ.. මං හොදට දර පලන ගමන් හිටියත් ඔච්චරයි.. මේඝියට ක්ලාන්තයක් අල්ලන්නත් තිබ්බා..

" තාත්තේ මං තාමත් ඔයාලගෙ වහල යට ඉන්න බව ඇත්ත.. ඒත් මගෙ හැගීම් වෙනස් වෙන්නෑ.. ඔයා මොනදේ කියන්න හැදුවත් මට මුලින්ම කියන්න ඕනෙ එච්චරයි..! "

" අ.. අගත්.. එපා අගත්.."

" එපා..? මොකක්ද එපා කියන්නෙ..? මං පොරොන්දු දුන්නා.. මං කවදාවත් දුන්න පොරොන්දුවක් කඩන මිනිහෙක් නෙවෙයි.. ඔයා ඒක දන්නවා.."

✲ මල් වරුසා ✲ ✔️Where stories live. Discover now