30 කොටස 🍓

748 119 58
                                    













" චූටි.....මේ බත් එක අර යුගාන් ළමයාට ගිහින් දෙන්න....පව් ඒ කොල්ලා ඊයෙත් කාලා නෑලු නේද "

" අනේ අම්මේ මේ එහෙම පවක් නෑ මං දවලුත් කොතක් වගේ බත් එකක් බෙදලා ගිහින් දුන්නා "

" හිතක් පපුවක් නෑ වගේ කතා කරන්න එපා චූටි....යනවා ඔය බඩකඩිත්තුව විසික් කරලා මේ බත් එක දීලා එනවා "

අපේ අම්මා මගෙ ඔලුවටත් එකක් ගහලා කිව්වාම මං අම්මටත් බැන බැන බත් පිගාන අරන් යුගාන් අයියාගේ අපාට්මන්ට් එකට ගියා. බෙල් එක ගහන්න ඕන් නෑ....එයා කොහොමත් මේ වෙලාවට දොරවල් ලොක් කරන් නෑ....ඒ හින්දා මං දොරට පයින් එකකුත් ගහන් ඇතුලට ගියා.

දවල් වරුවේ මං මේක අස් කෙරුව නිසා හොදයි...නැත්තන් එහෙම පිස්සගෙ පලා මල්ල වගේ මේ පොලිස්කාරයාගේ ගෙදර...

" යුගාන් අයියේ........ඔයා කොහෙදෝඕඕඕ "

කුස්සියටත් ඔලුව දාලා නැති තැන මං බත් එක මේසෙ උඩින් තියලා එයාගෙ කාමරේට ගියා. මං යද්දි යුගාන් අයියා හොදටම නිදි....

" අයියේ.....අයියේ නැගිටිනවකෝ...අම්මා කෑම එකක් එව්වා "

හෙමින් හෙමින් එයා ගාවට ගිහිල්ලා උරහිසෙන් අල්ලලා හෙලෙව්ව මගෙ සද්දෙට කොහෙද හීනියට කෙදිරි ගාපු යුගාන් අයියා අනික් පැත්ත හැරුනා. යකෙක් ගහලා වගේ මේ යස්සයා බුදිනේ....අනේ ඇහැරියන්කො අයියේ....

" අයියේ.....ඕයි නැගිටිනවකො අයියේ "

" ම්ම්ම්හ්හ්........ ශේනූ......"

" ජෙවියනේ අයියේ......ඔයාට හොදටම උන නේද "

යුගාන් අයියා කාගෙද මන්දා නමක් මුමුණ මුමුණ බ්ලැන්කට් එක අස්සට ගුලි වෙද්දි මං නිකමට වගේ එයාගෙ නලලට අත තියලා බැලුවා. ගිනි ගොඩක් වගේ රස්නෙම රස්නෙයි....

" ශේනූ......ම්ම්ම්හ්හ්හ්..... "

" අයියේ.....අනේ ඔයා හොදටම රස්නෙයි....ඔහොම ඉන්නකෝ...ටිකක් ඉන්නකෝ මං ඉක්මනට එන්නම් "

යුගාන් අයියාව දාලා දුවලා දුවලා ගිහින් අපේ අයියාවත් ඇදගෙන ආව මං යුගාන් අයියාව අපේ අයියට පෙන්නුවා. අපි දෙන්නාගෙ පස්සෙන් අම්මත් දුවන් ආව නිසා යුගාන් අයියාගෙ රස්නෙ බැලුව අම්මා ඉක්මනට ගිහින් මොකක්ද මන්දා බාම් එකක් අරන් ඇවිත් යුගාන් අයියාගෙ ඔලුව දෙපැත්තෙ ගෑවා.

♥🍓 _𝗦𝘁𝗿𝗮𝘄𝗯𝗲𝗿𝗿𝘆_ 🍓♥Where stories live. Discover now