හසරැල්ගෙ දිනපොතෙන්..
එක දිගට සිද්ධ වෙන දේවල් හිතට බරක් වගේ දැනෙන නිසා මට ඕනෙ හිත පොඩ්ඩක් සැහැල්ලු කරගන්නද මේ බර හැඟීම් එකින් එක ලිහලා බලන්නද කියලා නෝතෙරෙන එක මොහොතක අන්තිමට මම තීරණය කරා සේරම ඩයරියක ලියන්න. මේක නිකන් විහිලුවක් වගේ. ජීවිතේට ඩයරි ලියන පුරුද්දක් මට තිබිලා නෑ.
ඒත් කාටහරි කියන එකට වඩා ලියන එක හොඳයි කියලයි මට හිතෙන්නෙ..අහම්බකාරක හමුවීම් ජීවිතේ කොයි තරම් වෙනස් කරනවද ? එදා ටවුන් එකේදි මගෙ ඇඟේ හැප්පීගෙන , මං ආසාවෙන් අරන් ආපු ඩැෆඩිල් පෝච්චිය බිඳලා දාල ගානක්වත් නැතුව යන්න ගිය මනුස්සයා ආයෙම දවසක හම්බේවි කියලා මං හිතුවෙ නෑ..
එයාගෙ මූණෙ තිබ්බ සෙල්ලක්කාර හිනාව මගෙ හිතේ එයා ගැන තිබ්බ තරහ ඩබල් කරා කිව්වොත් මං වැරදි නෑ. මනුස්සයෙක් වැරැද්දක් කරාම පිලිගන්න , සමාව ගන්න එක ඔච්චර අමාරුද ? සල්ලි වලින් ඔලුව උදුම්මන් ඉන්න ඔය වගේ මිනිස්සු මට පෙන්නන්න බෑ කොහොමත්.. හැමදේම සෙල්ලමක් විතරයි. අනිත් මිනිසුන්ගෙ ෆීලින්ග්ස් ගැන කෙයා කරන්නෙ නෑ.. එයා ගැන මං නෝට් කරේ එහෙම...හැබැයි ඒ සේරම වෙනස් වෙයි කියලා කවුද හිතුවෙ ඉතින්..
අනුන්ගෙ කතා අහන් ඉන්න එක හොඳ නෑ තමයි.. ඒත් ගෞරි අක්කා නුවේද් ට , නුවේද් අයියා කියන්නද ? ඊව්.. ඒක හරි අමුතුයි.. ඕන මගුලක්.. හදපු ලිලී මල් පොකුර එයාට දෙන ගමන් එයා යන්න කලින් කියපු දේවල් , එයා යන්න යන ගමන ගැන මට හිතන්න දෙයක් ඉතුරු කරා..
" හිතට හරි නෑ වගේ හිතුනොත් ඕනෙ වෙලාවක කෝල් එකක් දෙන්න.නැත්තම් මෙතනට එන්න.. "
ඊලඟ වතාවෙ මං එයාව දැක්කෙ බීච් එකේදි.. ලස්සන ගෑනු ළමයෙක් එක්ක.. මාව දැක්කම එයාගෙ මූණෙ පුදුමෙකුත් ඊලඟට අර සෙල්ලක්කාර හිනාවත් ඇඳෙනකොට මගෙ ඇස් ගියෙ එයාගෙ එහා පැත්තෙ ඉඳපු ගෑනු ලමයා දිහාවට.. විනාඩි දෙක තුනකට පස්සෙ ඇහැක් ගහලා ඇස් වලින් ඇයි අහනකොට තමා මං හරිම සිහියට ආවෙ.. මං එච්චර වෙලා එයා දිහා බලන් ඉඳලා.. කොහෙහරි හැංගෙන්න උවමනාවක් තදින්ම දැනෙනකොට මං පුලුවන් තරම් ඈතට ඇවිදගෙන ගියා.. එයාව පේන්නෙ නැති තැනකට.. අරුන් දෙන්නා එහා පැත්තෙ කොල්ලො සෙට් එකක් වොලිබෝල් ප්ලේ කරනවා දැකලා එතනට යන්න කතා කරනකොට මං ඒක ප්‍රතික්ශේප කරලා ඈත මුහුදට ඇස් තියාගත්තෙ මූදු රැලි ඇවිත් මගෙ කකුල් වල වැදිලා ආයෙම මූද දිහාවට යනකොට..