තාමත් මට මේ වුන හැම දේම හීනයක් වගේ. මේ තරම් කෙටි කාලෙකින් අවුරුදු විස්සක් ම නිස්කලන්ක ව ගෙවුන මගේ ජීවිතේ මෙහෙම කනපිට හැරවෙයි කියලා මං කවමදාවත් හිතුවේ නෑ. ඒත් මේක කියන්න ඕනිමයි.මේ කතාව ආදරය කරන, කරපු, කරන්න ඉන්න අයට මන් විඳපු ආදරේ මේක කියවද්දි ආයෙමත් පාරක් මා එක්ක ම විඳින්න ලැබෙයි කියල හිතලයි කියන්නෙ. ආදරය කියන්නෙ මේකයි කියල මාත් ඉගෙන ගත්තෙ ඒ හිතුවක්කාරය ඇවිත් මගේ මුළු ලෝකෙම අනික් පැත්ත ගැහුවට පස්සෙ. නෑ. හරියටම කිව්වොත් මන් ගිහින් ඒ හිතුවක්කාරයගේ ලෝකෙ එහෙන් පිටින්ම අනිත් පැත්ත ගැහුවට පස්සේ. හැබැයි සමහර මතක එක්ක උඩට පාරගෙන ආපු ඒ ආදරේ නිසා අදටත් මාව වෙන කිසිම හිතකට ආයෙ ජීවිතේ කවදාවත් ලං වෙන්න බැරි තැනට ඇදල දාල.
මන් දන්නවා එයා මට තාමත් වෛර කරනවා. ඒත් වෛරය මැද්දෙන් වුනත් තාමත් මට ඒ ආදරේ සේයාවක් හරි පේනවනේ. මට ඒ ඇති. මගේ සැනසීම එයාගේ සතුටයි ජීවිතෙයි ගාව ආයෙ පාරක් උගස් කරන්න වුනොත් ආයෙත් මං ඒකත් කරනවා. ඒක නේද බන් උඹලත් දන්න ආදරේ. ඒක නෙවෙයි ද අපි හැමෝම දන්න ආදරේ. ආදරේ කියන්නේ අල්ලගෙන ළඟ තියාගන්න පුලුවන් දෙයක් නම් අද ලෝකේ ආදරේ නිසා ම තනිවුණ හිත් නොතිබෙන්න තිබ්බා... එක හිතක් වෙනුවෙන් ම තනි වුණ සුන්දර ආදරවන්තයෝ නොඉන්න තිබ්බා... ඒ නිසා මාත් මගේ ආදරේ වෙනුවෙන් මං බලන් ඉන්නවා.. ඒ බලා ඉඳීමත් එක්තරා විදියක විඳවීමක් වගේ ම විඳීමක්...
.
.
.
.
.
.
.
ඉතින් මේක මං පළවෙනියට ලංකාවට ආව තැනින් ම පටන් ගන්නම්. මොකද ඊට පස්සේ තමයි මේ හැමදේම සිද්ද වෙන්න පටන් ගත්තේ.
.
.
.
.
මම, යුවේන් ශයේන්ද්‍ර මලලසේකර. හරියටම කිව්වොත් මගේ තාත්තිගේ පුතානේ. ඒ කියන්නේ එස්. ඒ. මලලසේකර කියන S.M. Group of Companies එකේ අයිතිකාරයගේ චූටි පුතා.චූටි කාලේ ඉඳන් ම හැදුනේ ඔසී වල. මේ ලංකාවට ආපු පළවෙනි පාර. මීට කලිනුත් චුටි කාලේ ආවලු. බට් මතක නෑ ඔය ආවා කියන එක පාරක්වත්. හොට්ට පෙරන් දනගාන කාලේ වෙන ඒවා මොකාට ද ඉතින් එහෙම මතක තියෙන්නේ. සිංහල හොදට ම කතා කරන්න බැරි වුනත් මට වෙන එවුන් කියන ඒවා නම් ඔක්කොම ගොනාට වගේ තේරෙනවා. එක ම අවුල මට කියාගන්න ඕන මගුල් හරියට ප්‍රනවුන්ස් කරගන්න බැරි එක විතරයි. හැබැයි මං ලංකාවට එද්දි නම් ලාවට වචන දෙක තුනක් විතරයි සිංහලෙන් ගැට ගහගන්න පුලුවන් උනේ. දැන් නම් කොල්ලට ගැට ගහලා ශේප් එකේ ජාමේ බේරගන්න පුලුවන් ඉතින්.
YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
Non-Fictionඋඹ, බුර බුරා පැතිරෙන ගින්නක්....මම, ඒ ගින්න නිවන අයිතියවත් නැති එක ම එක හිරිකඩ වැස්සක්.... . . . . මේ, අමතක වූ මතකයක නිහඬ ආවර්ජනයක්....