දිනය: 1999.01.14
"තැන්ක් යූ ජෙනරල් දිමන්ක.."
ලාවට කෙඳිරියක් වගේ පිට වුනත් දිමන්කට ඒ වචන දෙක තුන හොඳට ම ඇහුනා. මුලින් හිතලුවක් කියලා හිතුවත් තමන් ඒ තරම් සිහි විකල් වෙලා නැති බව දිමන්කට හොඳට ම විශ්වාසයි. පැය දෙකක් තිස්සේ සිහි නැතුව ඉන්න කොල්ලා දිහා බලාගෙන කොහොම කලපනා කළත් තමන්ගේ නම මේ කොල්ලා කොහොම ද දැන ගත්තේ කියන දේ දිමන්කට තාමත් ප්රහේලිකාවක්.
වැස්ස නැවතිලා පැයකටත් ළං වෙන්න ආවත් තාමත් පොඩි එකෙක් වගේ තමන්ගේ උණුහුමට ගුලි වෙලා ඉන්න මේ කොල්ලා දිමන්කගේ හිතට ගෙනාවෙ ම ප්රශ්න පිට ප්රශ්න විතරයි. ඒ බාගෙට ඇරුණ ලා රෝස පාට තොල්වලින් තාමත් හුස්ම පිට වුනේ අපහසුවෙන් වගේ. ඒ පියවුන ඇස් පිහාටු දුඹුරුපාටට හුරුයි. කෙල්ලෙක්ගේවත් මේ තරම් දිගට හැඩට ඇහි පියන් දිමන්ක දැකලා නෑ. ඒවා තෙත් වෙලා බර වෙලා තිබුනේ ඉබේ ම නින්ඳෙන් ගලන කඳුළු කැට නිසා. හරියට මොකක් දෝ බයකින් වගේ ඉඳ හිට දිමන්කගේ ශර්ට් එක තව තවත් තදට ඒ සියුමැලි අත්වලට පොඩි වුනා.
ඇස් දෙක වටේ වගේ ම නහය පුරා ම පැතිරිලා තිබුන ළා දුඹුරු පාට ලප ටික (Freckles) ඒ මූනට ගෙනාවේ අමුතු ම සුන්දරත්වයක්. මේ රූපේ දිමන්කගේ ඇස් දෙකට මුළු ජීවිත කාලෙට ම පෙනුන ලස්සන ම රූපේ කිව්වොත් හරි.
ඒත් මේ පිටින් පේන අහිංසක ලස්සන ඇතුලේ ඉන්න මේ කොල්ලගේ ඇත්ත ස්වභාවයත් මේක ම ද. තමන්ගේ නම මේ කොහෙන්වත් කැලේට ආව කොල්ලා කොහොම ද දන්නේ. තමන්ගේ බැක් පැක් එකේවත් දිමන්කගේ අනන්යතාව තහවුරු කරන මොකුත් ම නැති බව දිමන්ක හොඳට ම දැනගෙන හිටියා.
ප්රශ්න කෝටියක් එක්ක දිමන්කගේ හිත ඒ මේ අත දිව්වේ වෙන්න පුලුවන් නරක ම අතුරුපල ගැන හිත හිතා. දිමන්කගේ හිතේ කොනක මේ කොල්ලාගේ මොකක් හරි හොරයක් තියන බව චකිතයක් ආවා වුනත් යටි හිතට ඕනි වුනේ ඒ හැම සැකයක් ම බොරු වෙන්න.
වැඩි දුර හිතන්න කලින් ඒ ඇහිපිය ළාවට වගේ ගැස්සෙනවා දැකපු නිසා ම මෙතෙක් වෙලා කොල්ලාගෙ බඳ වටේ එතිලා තිබුන අත් ඉබේ ම දිමන්ක අතින් ලිහිල් වුනා. තාමත් අඩ නින්ඳෙන් හිටපු නිසා ම ද මන්දා ඒ බළල් ඇස් දෙක තප්පර දෙක තුනක් කලබලෙන් එහෙ මෙහේ ගිහින් අන්තිමට නැවතුනේ දිමන්කගේ කාල වර්ණ ඇස් ඉස්සරහින්. විදුලි සැර වැදුන ගානට ඒ චූටි අත පය වෙව්ලලා තමන්ගෙන් ඈත් වෙන්න හදනකොට ම දරදඬු අත් දෙකට මැදි වුන පොඩි එකා ආයෙමත් දිමන්කගේ උකුළට ම වැටුනා.

YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
Phi Hư Cấuඋඹ, බුර බුරා ගුගුරා යන ගිනි කන්දක්.. ඔහු, ශීත සිසිර ගිරි කුලක්.. මම, ඒ ගින්න නිවන සිසිලත් අහිමි ඒ හිම කුල දිය කරන උණුසුමත් අහිමි ඈත පායපු එක ම එක තරුවක්.... . . . . මේ, අමතක වූ මතකයක නිහඬ ආවර්ජනයක්....