"I'm serious Yuvi...don't you fucking dare to get in trouble, ok?"
යැයි යැයි තමා. උදේ ඉඳන් මළ වදේ
කනක් ඇහෙන්න නෑ මුගෙන්. මං තව ටිකක් එයාර් බඩ්ස් දෙකේ සවුන්ඩ් වැඩි කලා.පර්ෆෙක්ට්.
ම්හුක්... ඒත් මුගේ ටකරන් සද්දේ පසාකරගෙන එනවා. මේවා තමා යකොව් සංසාර ණය ගනුදෙනු කියන්නේ.
"මේක ලංකාව...එහෙ වගේ තමුසෙට ඕන ඕන විදියට නටන්න බෑ.. ඒක ඔලුවෙ තියාගෙන මොලේ ඇතුව වැඩ කරනව...Listen to me when I'm talking, you little shit.."
පෝ මේකා... ඉවරයක් නෑ ඔලුවටමයි ගහන්නෙ මහ පගයා. මූ මට වඩා වැඩිමල් නිසානේ මේ හැම දේසනයක්ම අහන් ඉන්නව මදිවට ගුටිත් කන්න ඕන තව. ලබන අවුරුද්දේ තොට වඩා වැඩිමල් වෙලා ඉපදුනා ම බලපන්කො මන් බොට කරන දේ.
ආහ්.. අවුරුද්ද නෙවේ ආත්මේ... තාම සිංහල ලර්නින් මෙයා.. සූට්ටක් ටැපලෙනවා.. කොහොම හරි ආයේ මං වැඩිමලා වෙලා ඉපදුනා ම මූව ඉහේ ඉඳන් ගහනව පට්ට. පට්ට ගහල මහනවා මෙට්ට. ඇයි යකෝ මූ මෙතන නහින්න හදන්නෙ ළමය පළවෙනි පාර මොන්ටිසෝරි දාන අම්මා වගේනෙ. මෙහෙම හිටියට මං හෙන ස්වාධීනයි මිත්තවරුනි. මෙහෙමයි ඉතින්... ඉඳල හිටල ජල්තර වැඩ කරනවා තමා ඉතිම්. එහෙමයි කියල මුට වටින්නෑ මාව මේ විදියට පොඩි පගයෙක් ගානට දාලා අඩන්තේට්ටම් වලට ලක් කරන්න.
කොහොම හරි නුගේගොඩ පහු කරද්දි අටට පහයි. හොඳට ම පරක්කුයි. කොහෙද ඉතින් උදේ නැගිට්ට වෙලේ ඉඳන් මූ බණ කිය කිය හිටියා මිසක් වෙලාවට වොශ් දාගන්නවත් දුන්නෑ ඒත් පස්සෙන් එනව අරක කරන්න එපා මේක කරන්න එපා කිය කිය.
වෙහිකල් එක ලොකු බෝ ගහක් ගාවින් ඇතුළට දාලා මීටර් දෙසීයක් විතර යද්දි රූස්ස රොබරෝසියා ගස් පේලියක් එක්කම අනික් පැත්තේ ඇහැළ ගස් පේලියක් වවලා තිබ්බ ගේට් එකක් ගාවට ආවා. අමුතු විදියේ කෑලි බෑලි දාලා හදපු යුනික් ස්ටයිල් එකේ තොරණක් වගේ එකක් එන්ට්‍රන්ස් එකේ හදල තිබුන. ඒක දැන් නම් ටිකක් පරන පාටයි. ෆස්ට් ඩේ එකේ මේක මාර ගතියට තියෙන්න ඇති.
කියන්න බැරි වුනානේ. මට යුනිවර්සිටි එකේ ඔරියන්ටේශන් ප්‍රෝග්‍රෑම් එකේ එක දවසක්වත් යාගන්න බැරි වුනා කොහෙන්දෝ මන්දා කොවිඩ් බෝ කර ගත්ත හින්දා. හරී....ම යසයි. දැන් ඉතින් බලු බල්ලෙක් දන්නැති මං සුබ මොහොතින් ෆස්ට් ඩේ එක ටයිම් ටේබල් එකේ පිහිටෙන් විතරක් ස්ටාර්ට් කරන්නයි යන්නේ. දැනටමත් ඩිපාර්ට්මන්ට් එකේ උන් හැමෝම ෆිට් වෙලා ගැන්සි හැදිලා ඇති. මං දැන් ඉතිම් ඕපපාතිකයා වගේ මේකේ පාරක්වත් දන්නෑ.
YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
No Ficciónඋඹ, බුර බුරා පැතිරෙන ගින්නක්....මම, ඒ ගින්න නිවන අයිතියවත් නැති එක ම එක හිරිකඩ වැස්සක්.... . . . . මේ, අමතක වූ මතකයක නිහඬ ආවර්ජනයක්....