දෙවන මතක පෙළ

122 14 3
                                    

"මොකද මෙතන වෙන්නේ!"
.
.
.
.
.
ඒ ඇස් දෙක...
.
.
.
මං අද ඉවරයි.
.
.
.
ඒ ඩයස්ගේ අයියා. මාව හීනෙනුත් බය කරවන ඒ නපුරු ඇස් දෙකේ අයිතිකාරයා මං ඉස්සරහට ම ආයෙත් ඇවිත්.....
.
.
.
.

මට මීට සති ගානකින් උඩ දී කරපු ඒ රාජකීය ගොන්කම ආයෙත් මතක් වෙන්න ගත්තේ අයන්නේ ඉඳන් ම.....
................................................................

මාසයකට පෙර...

මං ලංකාවට එන්න මේ තරම් අකමැති වුන හේතුව මමවත් දැනන් හිටියේ නෑ. මෙහෙ එන එක ගැන මට තිබුනේ මහ මූසල හැඟීමක්. ඒක නිසාම ආපු දවසේ ඉඳන් මං කළේ මාව මෙහෙට ගෙනත් කරපු මෝඩ කම ගැන තාත්තිලාගේ ඔලුව ඇතුලටම යන විදියට දහඅට වන්නම් නටපු එක.

ඒත් අන්තිමේ නැනා ගැන හිතලා මං මේ මගුල් රටේ තව ටික දවසක් ඉවසන් ඉන්න හිතා ගත්තා. හැබැයි පුතේ ලෝකල් ඒලෙවල්ස් කරන එක ඇරෙන්න තව එක වාත වැඩක් හරි සෙට් කරන්න ආවොත් තමයි තාත්තල ලොකු පුතාලා මේ චූටි පුතාගේ වැඩ කෑල්ල ගැන දැන ගන්නෙ.

මට තාම හිතා ගන්න බෑ මේ තරම් හොඳ ඔසී යුනීස් වලින් මට ඔෆර්ස් ඇවිත් තියෙද්දි ලෝකල් යුනි එක්කට මෙයාල මාව මොකට යවන්න හදනවද කියල.

තාත්ති කොහොමත් ඒ කාලේ ඉඳන්ම පොඩ්ඩක් ට්‍රැඩිශනල් විදියට තාමයි හිතන්නෙ පතන්නේ. එයා කියන විදියට නම් ඉතින් බිස්නස් මැනේජ්මන්ට්වලට ගවර්මන්ට් යුනි එකක් තියේලු ෆොරීන් ඒවටත් වැඩිය හොඳ. මන් දන්නෑ ඔය මොන මගුලක්වත්. මට ඕන වුනේ ඩාන්සින් මේජර් එකක් කරන්න. කොහෙද ඉතින් මාව මරන් කන්න හැදුවනේ තාත්තිල ලොකු පුතාල එකතු වෙලා මේ මගුල සිලෙක්ට් කරනකන්ම. හැබැයි ඉතින් යුනි යන ගමන් මොන ගේම ගහල හරි මං ඩාන්සින් එක්ක ස්පෝර්ට්ස් නම් කරනව ම තමා. ඒ අස්සේ මගේ මොඩ්ලින්ග් කරියර් එකත් මෙහෙ ශේප්මන්ට් එකක් දාගන්න ඔනි.

යකෝ මන් මෙහේ ඇවිත් ඕපපාතික හිකනෙලෙක් වගේ මහ මලලසේකර උන්දැල දෙන්නගේ තාඩන පීඩනවලට ලක් වෙලා හිටියට මන් එහෙ ලාස්ට් යර් එකේ බෙස්ට් අප්කමින් මේල් මොඩ්ලර්. හිටහන්කො මං පොඩ්ඩක් මගේ එක්ටැම් ගෙයින් පැන ගන්නකන්. ඊට පස්සේ අප්පයි පුතයි අල්ලයි මගෙ නැට්ට. නෑ නෑ ඒ නැට්ට නෙවෙයි බොලව්. ඒක අල්ලන්න දෙන්නේ මගෙ අනාගත සුරන්ගනා කුමාරිට හෝ කුමාරයට විතරයි. අනික හෑයියා. තාත්තී අයියයි මොකට ද මගෙ එකෙන් අල්ලන්නේ. එයාලට එයාලගෙ ඒවා අල්ලන් ඕන තරම් ඔය කරන්න වැඩ තියෙන්නේ🤭.

Between Cold Fire | ශීතාග්නි | Sinhala BLWhere stories live. Discover now