හත්වන මතක පෙළ

91 5 0
                                    

අරුන් දෙන්නා මෙහෙට කඩා පාත් වෙන්න කලින් මං සන් සන් ගාලා වොශ් දාගන්න කියලා පුක කැඩිච්ච කඩියා වගේ ලිෆ්ට් එක දිහාට දිව්වා... උන් දෙන්නා එද්දිත් මං නිදි ඇඳුමින් හිටියොත් ඉතින් සොරි ම තමා.. නෙවන් කාරයා ඔහොම හිටියට හෙන දරුණුයි.. උගෙ අඬු හතර හෙන දිගයි.. බේරිලා දුවන්නත් ලේසි නෑ ඕකා එක්ක... මාව පණ පිටින් හම ගහන්න බලාගෙන ඕකා අර කෙල්ලවත් ඇදන් මෙහෙ එනවා ඇත්තේ දැන්...

මගේ ඔලුවෙන් සිරාවට ම අද අපේ අවුටින් එක ගැන අමතක වෙලා ම ගිහින් තිබ්බේ.. කොහෙ ද ඉතින් උදේ ඇහැරුණේ ම කැම්‍රි හීනයක් දැකගෙන නේ... මොකද් ද ඇත්තට මං දැකපු හීනේ දැන්.. බලහන්කො ඉතින් බෑනේ කරන්න.. මේ ටිකට ඒකත් අමතකයිනේ.. මට වෙලාවකට සැකයි මට මොළයක් තියනව ද කියලත්.. අපේ අයියත් කියනවා හැබැයි යුවී උඹට මොළයක් වෙනුවට පොලයක් විතර පුකක් විතරයි දෙවියෝ දීලා තියෙන්නේ කියලා.. හරි වේසයි අනේ.. හැබැයි අර හීනේ කවුරු හරි මගේ නම කියලා කෑගැහුවා කියලා නම් මතකයි..

දැන් ඉතින් ඕක හිතුවා කියලා වෙන පුම්කක් නෑනේ.. මං ටවල් එකත් අරන් බාත් රූම් එකට දිව්වා අරුන් දෙන්න එන්න කලින් කිටක් දාගෙන රෙඩි වෙන්න.. මේ සතියට මං උන් දෙන්නා එක්ක මාර විදියට ෆිට් වුණා.. මං අහලා බැලුවා.. උන් දෙන්නත් කලින් අඳුරන් නෑලු.. දැකලා තිබුනට කතා කරලා නෑලු ස්කූල් කාලෙත්.. උන් දෙන්නත් ස්පොර්ට්ස් කරනවා බැහැල ම.. ඒ කාලේ කම්පෙටිශන්ස්වලට ගියා ම දැකලා තිබුණලු.. ඒත් මෙහෙ ඇවිත් තමා ෆිට් වෙලා තියෙන්නේ..

උන් දෙන්නත් මුලින් ම සෙට් වෙලා තියෙන්නේ දෙන්නව ම බැජ් රෙපාලා හැටියට තෝර ගත්ත නිසා.. නෙවන් නම් අරගෙන තියෙන්නේ උටත් මට වගේ ටිකක් කුකුල් කේන්තිය නිසා ම යි.. ඌව මට්ටු කරන්න තමයි සින්නො මූව ම රෙපා කරලා තියෙන්නේ.. ඌත් කොළඹ ම තමා.. අපේ ගෙවල් තියන ඒරියා එකේ ම නිලූයි කහයි පාට දෙකේ අලියෙක් ඉන්න බැජ් එකක් තියන ඉස්කෝලෙක ප්‍රිෆෙක්ට් කෙනෙක්ලු නම ගිය... ඌ හෙන උස කෙට්ටු ගානට බොඩිය මේන්ටේන් කරපු පොරක්.. අශී ඌ නැශනල් ටීම් ප්ලේ කරන බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් කියලා කියද්දි තමයි මටත් ඕවා මීටර් වුණේ.. පරයා ඔය එක දෙයක්වත් මට කිව්වේ නෑ.. අහසින් වැටුණ අපතයෙක් වගේ ඔහේ හිටියා..

Between Cold Fire | ශීතාග්නි | Sinhala BLWhere stories live. Discover now