පස්වන මතක පෙළ

119 10 4
                                    

"යුවී!!"

"ආහ් ඔය ඇවිත් තියෙන්නෙ...ඌ විතරයි අපේ කතාවට අඩුවට හිටියේ..."

මාව මුළු ඇඟෙන් ම වහගෙන වගේ හිටපු එයාගේ උරිස්වලට උඩින් ඉස්සිලා බලද්දී තමයි දැක්කේ අකිල් අයියා ඉනෙත් අත් දෙක තියාගෙන බලන් ඉන්න හැටි අර රතු පාට බැම්මෙන් එළියට වෙලා. අකිල් අයියා දැක්කා ම මට අමුතු පනක් ආවා වගේ හිතට හයියක් ආවා.

ඉතින් මං නපුරාගේ අත් අස්සෙන් මිදිලා අකිල් අයියා ගාවට දුවන්න හැදුවේ. දැන් ඉතින් දාපන්කො බලන්න සද්ද. කන්න තමා ඉතින් එහෙනම් මූ අයියගෙන්. අනිත් එක මං මෙතන මූ එක්ක මුලු ගැන්නිලා ඉන්නවා අකිල් අයියා දැක්කා කියන්නේ ප්‍රශ්න කෝටියයි...නඩුත් එක්ක බඩු වෙනවා ටහිකෙන්න ම. රිස්ක් ගන්න බෑ සාන්ත..

"අතාරිනවකෝ."

"ඇයි හදිස්සි ද උඹට?"

"What???"

"ගියාට කමක් නෑ මතක තියා ගනින් ආයෙත් එන්න වෙනවා කියලා."

මං දඟලලා යන්න හැදුවට මාව අල්ලගෙන යන්න නොදී ආයෙත් මගෙ කන ගාවට ළං වෙලා මිමිනුවේ මං තවත් අතරමං වෙලා යන දෙයක්මයි. 'Fucking nonsense.' මං මට ම කියාගත්තා. මූට දෝදු ද මන්දා කොහෙටවත් ගැලපෙන් නැති බේසික මගුල් කියවන්නේ පිස්සුවෙන් වගේ.

ඒ කරලා පොර නපුරු ඇස් දෙකෙන් මාව පුච්චන්න වගේ බලලා අඩියට දෙකට එතනින් යන්න ගියේ අකිල් අයියා දිහා බලන්නෙවත් නැතුව. වැස්සෙ ම බයික් එකත් රේස් කරගෙන ගියේ මහා වීර කමක් කරා වගේ. තියෙන ලොකු කම මුගෙ.

හැබැයි ජීවිතේ කවදාවත් නැතුව මගේ හිත මේ නපුරු කොල්ලා නිසා ගැස්සිලා තිබුනේ. ඒ ඇයි? මංවත් දන් නෑ ඒක. වීරයා වගේ චන්ඩි පාට් දැම්මට මං පන යන්න බය වෙලා හිටියේ.

එතකොට අර එයාගේ අතේ ගහලා තිබුන ටැටූ එක. ඒ මං හිතන දේ ම ද...

මොකක්දෝ යටි අරමුණක් තියාගෙන වගේ එයා ඒ කියපු දේවල් එක්ක මාව තවත් අවුල් කරපු හැටි. මට මේවගේ අගක් මුලක් හිතා ගන්න බැරි නිසා ම ද මන්දා ළාවට ඔලුවේ කැක්කුමකුත් එන්න ගත්තා.

"යුවී! මොකද කරගත්තේ.."

ඒ අකිල් අයියා. එයාගේ මුන ම අඳුරු වෙලා. මං කකුල් දෙකත් ඇද ඇද අයියාගෙ ළඟට ගිය ගමන් මාව හරව හරවා බැලුවා. එයත් වැස්සේ හොඳට ම තෙමිලා. කුඩයක්වත් නැතුව තෙමී තෙමී ම ඇවිත්. තාම හති දානවා දුව ගෙන ආපු මහන්සියට ද කොහෙ ද. එයා මාව උරිස්සෙන් අත දාලා අල්ලගෙන ටිකක් එහාට වෙන්න තිබුන සමර් හට් එකට එක්කන් ගියේ මොකුත් ම නොකියා. නඩුවක් වගේ....

Between Cold Fire | ශීතාග්නි | Sinhala BLWhere stories live. Discover now