හයවන මතක පෙළ

170 16 10
                                    

"ශර්..."

"..."

"හෙමින් යමුකෝ ශර්..."

"කට වහගෙන වරෙන් සහී..."

"යේත් ශර්..අමාරුයිනේ ශර්ට-"

දිමංක ගමන නවත්තලා හැරිලා දීපු බැල්මට මී පැණි පාට ඇස් තිබුන කොල්ලගේ කට ඉබේ ම ලොක් උනා. ගිනි පිට වෙන ඇස් දිහා තවත් බලන් ඉන්න බැරි කමට බිම බැලුවත් කොල්ලාගේ නොනවතින කතාව ආයෙමත් හඬ බාල වෙලා හෙමින් සැරේ පටන් ගත්තේ දිමංකගේ ඉවසීමේ සීමාව කොයි තරම් දුර ද කියලා ඔහුට ම පසක් කරමින්.

"යිතින් ශර්ට අමාරු නිශානේ නවතිමු කිව්වේ..."

"..."

"ශරි ශරි...මට තමා ශූට්ටක් ටයඩ්..."

දිමංකගේ හැඟීම් විරහිත බැල්ම ඉස්සරහ සහින්තවන්ගේ කටින් ඉබේ ම වචන පිට වෙන්නේ ආයෙත් නිහඬ ව ඉන්න යකා අවුස්ස ගත්තොත් ලේසි නොවෙන බව දන්න නිසයි. මේ වෙනකොටත් ඔවුන් සැතපුම් ගානක් කැලේ මැදින් ඇවිත් තිබුනත් කෑම්ප් එක පේන මානෙකටවත් ඇවිත් තිබුනේ නෑ.

තියන අඩියක් ගානේ ඇට්ටර කොල්ලෙක්ගේ මැසිවිලි අහලා පුරුද්දක් දිමංකට තිබිලා නෑ. මේ විදියට වෙන එකෙක් ඇවිත් තමන්ගේ ඇඟේ දැවටුනා නම් ඒ මොකාට වුනත් අත් වෙන ඉරණම සුන්දර එකක් නෙවෙයි කියලා දිමංකගේ හිත ආයෙත් මතක් කරලා දුන්නා. ඒත් තොල් කට වෙලිලා දැනටමත් හති වැටිලා හිටපු කොල්ලගේ අහින්සක ළා පාට ඇස් ඉස්සරහ දිමංක තව පාරක් අසරණ වුනා.

"විනාඩි පහයි දෙන්නෙ..."

දිමංක කොයි තරම් තරහක් ආරූඪ කරගෙන කිව්වත් කොල්ලගේ මූනේ ඇඳිච්ච හිනාවේ නම් අඩුවක් තිබුනේ නෑ. දිමංක ඉඳ ගන්නකන් හොර බැලමක් දාගෙන හිටපු කොල්ලා දුවගෙන ඇවිත් දිමංක ගාවින් ම ඉඳගෙන උරිස්සට ඔලුව තියා ගත්තේ දිමංකගෙන් පිළිතුරු විදියට ලැබුන නොරිස්සුම් සහගත හඬ සතේකටවත් ගනන් නොගෙන. දිමංකට අනුව නම් මුට තියෙන්නේ එසේ මෙසේ හුරතලයක් නෙවෙයි..

දිමංකට වුනත් ආපහු කෑම්ප් එකට මේ කොල්ලා එක්ක යන එක ගැන හිතේ දෙගිඩියාවක් නොතිබ්බා ම කියන්නත් බෑ. මොක ද දිමන්කගේ පැත්‍තේ උන් වුනත් අනිත් පැත්තේ උන්ට ඒ තරම් හොඳට සැලකුවේ නෑ කවුරු අතට අහු වුනත්.

Between Cold Fire | ශීතාග්නි | Sinhala BLWhere stories live. Discover now