"මාව හොයාගෙන ආයෙත් ආවද මගේ මැණික.."
Oh God..
ඒ එයා ම ද..
මොහොතක් යනකම් මාව නිකන් එක තැනක ගල් වුණා වගේ ඒ කටහඬත් එක්ක... වටේ පිටේ හැම සද්දයක් ම හැම කලබලයක් ම නිහඬ වුණා වගේ මගේ ඔලුව ම නිකන් බ්ලෑන්ක් වෙලා ගියා එයාගේ ඒ වොයිස් එකේ තිබුණ හැඟීම්වල බර දැණිලා.. ඉකියකුත් එක්ක කියවුණ වචනවල මහා බරක් එක්ක වේදනාවක් තිබුණා.. අඩි හයකටත් වැඩිය උස මහත ඇඟක් තිබ්බ එයා මෙහෙම පොඩි ළමයෙක් වගේ මගේ ඇඟට ම බර දීලා ඉද්දි ඇත්තට ම මට කරගන්න දෙයක් හිතා ගන්න බැරි වුණා.. මට හෙන ගහන්නා වගේ වෙරි හිඳිලා ගිහින් හිටියේ ශොක් එක නිසා ම ද කොහෙද.. නැත්නම් දෙන්නා එක්ක ම පොළව බදන් මෙලහට.. මටත් ඉඳලා ඉඳලා වෙන්නේ කැරි ම සීන් තමා.. හා ශොක් වෙන්නැද්ද කියහන්කො.. මේ සති දෙක ම මං අතිසාර්ථක ලෙස මේ මනුස්සයාව මගෑරලා හිටියේ දෙන්නා දුටු තැන ඇවිලෙන නිසා.. කවුද හිතුවේ මූ ක්ලබ් එකක් අස්සේ ඉඳලා ඇඟට කඩා පාත් වෙයි කියලා.. ඒකත් නිකන් නෙමේ අඬාගෙන ම... ඒකත් හරි කියමුකෝ.. මෙයා හෙන බරයි අප්පාහ්..
"අයියේ-"
"මට මේවා දරාගෙන ඉන්න බෑ බං.."
මං කියන්න හදපු එකවත් කියන්න නොදී එයා තවත් මගේ ඇඟට වාරු වෙලා ඉකි ගහන්න ගත්තා කියහන්කො.. මනුස්සයෙක් බීමතින් හරි මෙහෙම කියාගන්න බැරි වේදනාවකින් අඬද්දි මං කොහොම ද තල්ලු කරලාවත් දාන්නේ... අනික ඒ වගේ පර්සනලිටියක් තියන මනුස්සයෙක් මෙහෙ ම ක්ලබ් ගානේ අඬන්න ඕන නෑ කොටින් ම කිව්වොත්... මෙයාට මෙහෙම හැසිරෙන්න තරම් තියන ප්‍රශ්නේ මොකක් වෙන්න ඇති ද.. අනික මේ ඇඬිල්ල අර නිකන් කඳුලු විතරක් ගලන ඇඬිල්ලක් නෙමේ... මනුස්සයෙක්ගේ අන්තිම ලිමිට් එකත් පැන්න ම අර ආත්මෙම හූරගෙන යන විදියට ඉකි ගහලා අඬන ඇඬිල්ලක්... මට තේරෙන් නෑ මේ වගේ වෙලාවට කොහොම ද හැසිරෙන්න ඕන කියලා රෙද්ද... ශිට්.. තරහකාරයෙක් වුණත් මෙහෙම ඉන්නවා දකින එක හෙන ම අවුල් මට..
"අයියේ, අර කවුච් එකටවත් යමන්කෝ..."
"මට විනාඩියක් මෙහෙම ඉන්න දීපං..මට මෙහෙම ඉන්න ඕන.."
YOU ARE READING
Between Cold Fire | ශීතාග්නි | Sinhala BL
Sachbücherඋඹ, බුර බුරා පැතිරෙන ගින්නක්....මම, ඒ ගින්න නිවන අයිතියවත් නැති එක ම එක හිරිකඩ වැස්සක්.... . . . . මේ, අමතක වූ මතකයක නිහඬ ආවර්ජනයක්....