<5>

82 7 0
                                    

අයියා ඇරෙන්න පව්ලේ හැමෝම ඉන්න වෙලාව.... රාත්‍රි කෑම මේසය.... අයියා ගෙදර නැති අඩුව හොදටම දැනෙන්නෙ මේ වෙලාවට තමයි... හිටියා නම් මා එක්ක වලියක්වත් දා ගන්නවා...අනේ මගේ ග්ලූකෝස්කාරයා

👩 පුතා කවද්ද එනවා කිව්වේ

👨 සතියකට කලින් නම් කිව්වා මාසයක් යන්න කලින් එන්න පුලුවන් වෙයි කියලා......කෝල් කරන්නවත් වෙලාවක් නෑලූ

👩 අනේ මගේ අහින්සක කොල්ලා...මේකට තමා ඉගන ගන්න බැරි

අපෙ අම්මා මොනවා කියෙව්වත් අන්තිමට
ඉවර වෙන්නෙ මට බැනලා.....

👩 අහ්....ඩිලන් පුතා ආවා

👨 පුදුමයි කොල්ලා ආය එන්න හිත හදාගත්තා

👩 බයෙන් වගේ මන් ගාවට ආවෙත්...... එයා හිතන්න ඇති අපි එයාට වරද පටවයි කියල

👨 ඒ දරුවගෙ වරදක් නෑනේ

මම කියලා ජීවියෙක් මෙතන ඉන්නවා කියන එක අම්මටයි තාත්තටයි හැමවෙලේම වගේ අමතක වෙනවා... .හුම්ම් ඔව් ඉතින් එයාලා කතා කරන දේවල් වල අගක් මුලක් තියා මැදක්වත් මම දන්නෑ... හනේ මගේ ග්ලූකෝස්කාරයා හිටිය නම් මා එක්ක කතා කර කරවත් ඉන්නවා.....ලොකු අවුලකට තියෙන්නෙ එයාගෙ මොලේ වැඩි එක විතරයි

👨 ජානා සිල්වෙස්ටර්ට කෑම දුන්නද

💫 ඔව්ව්...මම කන්න කලින් එයාට කෑම දෙනවනේ

👩 සතෙක් හදන්න ඕන සතෙක් විදිහට....ගෙදර මිනිස්සු කන්න කලින් සත්තුන්ට කෑම දාන සිරිතක් තියනවද

තාත්තා මන් දිහාට අනේ මන්දා බැල්මක් දාන් ඔලුව නමන් කෑම කන්න ගත්තා....මාත් අම්මට ඇති තරම් බැනගන්න කියලා තාත්තා වගේම ඔලුව නමාගෙන කෑම කෑවේ නැත්තම් මටයි පූසටයි තාත්තාටයි ඔක්කොටම එලියෙ නිදාගන්න වෙයිද කියන බයට......ඔව් ප්‍රෙන්ස් අපේ අම්මා වසයි




Next day......



💫 ගුම්මෝනිම් මගේ පාපමිත්‍රයෝ දෙන්නට

⭐️ ගුම්මෝනිම් මගේ හිකනල් පැට්ටෝ

💛 ගුම්මෝනිම් මගෙ ට්‍රැක් කරත්ත දෙක

උදේ පාන්දරම ආදරනීය වචන වලින් අමතගන්න එක තමා අපේ රාජකාරිය....

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now