<19>

89 6 0
                                    

මම මේන් හෝල් එකට යද්දි හැමෝම වගේ ඇවිල්ලා ඉස්කෝලේ ලමයි අස්සෙන් මගේ පාප මිත්‍රයෝ දෙන්නව යාන්තමට හොයාගෙන මම ඒ දෙන්නා ගාවට ගියා
පැත්‍තේ පඩි පෙලෙන් ඩිලන් සර් එනවා දැකලා නැවතිලා තිබ්බ හාටුව ආය ගැහෙන්න ගත්තේ නිකම් වතුරෙන් ගොඩ ආපු මාලුවෙක්ගේ වගේ

💛 ජානා ඔයා හොදින්ද... මූනත් රතු වෙලා දාඩියත් දාලා

💫 අහ්.... මට මට දාඩියයි

⭐️ මේ දවල් වලා දාඩියයි.... ජානා ඔ..

👨‍🏫  ආචාර්ය මන්ඩලයෙන් සහ සියලුම දරුවන්ගෙන් අවසරයි

වෙනදට නම් මම ඕකට පිනාට අවසර දෙන්නෑ ඒත් අද දෙනවා මොකද නැත්තම් කායි ෆේත් දෙන්නා මාව හොස්පිට්ල් ගෙනියනවා කෝමත් අපි අවසර දුන්නා හෝ නෑ පින්සිපල් එයාගේ කතාව දිගටම කරනවා

👨‍🏫 හදිසි රැස්වීමක් කැදවීම ගැන ඔයගොල්ලෝ පුදුම වෙන්න ඇති.... මේ මාසේ අවසානේ තියන අපේ ඉස්කෝලේ වැදගත්ම උත්සවය ගැන කියන්නයි මම මේ රැස්වීම ගත්තේ
වසන්ත උත්සවය ගැන
මේ පාර අලුත් පරම්පාරාව සහ පරන පරම්පාරාව එකතු කරලා වෙනසක් කරන්න මමයි ඔයාලගේ ආදරනීය ගුරුවරුයි තීරනය කරා ගොඩක් ස්තූතියි අපේ අලුත් සාමාජිකයා ඩිලන් සර්ට
හෙට ඉදන් ඉගැන්වීම් කටයුතු වලින් ඔයාලට පොඩි සහනයක් ලැබෙනවා...උත්සවයට සූදානම් වෙන්න ඕන නිසා ඒ වගේම වසන්ත නැටුම් තරගය මේ පාරත් තියනවා ශිශ්‍ය-ශිශ්‍ය ගුරු-ගුරු වගේම ගුරු-ශිශ්‍ය විදිහට මේ නර්තනයට සහභාගි වෙන්න ඔයාලට පුලුවන්

ඊටපස්සෙ පිනා කියපු මෙලෝ දෙයක් මට ඇහුන්නෑ.... පැය බාගෙක විතර කෙටි රැස්වීම ඉවර වෙලා අපි ආය පන්තියට ගියා....

දැන් ගනන් හයියෝ මේ මනුස්සයා දැන් මගේ වටේ හොල්මන් කරනවද මන්දා
අහ්හ්හ් ඩෑල් එක දැන් එන්නේ පේපර් දෙන්න

සර් ඇවිල්ලා ආයුබෝවන් කියලා පේපර් ටික ටිශා අතට දෙනකලුත් මම හිටියේ ඔලුව නමාගෙන මට සර්ගේ දිහා බලන්න බෑ වගේ බලන බලන පාරට මට හිතෙන්නේ එයත් මන් දිහා බලන් ඉන්නවා කියලා

🧚🏼‍♀️ ජානා ඔයාගේ පේපර් එක....

ඔලුව උස්සන් නැතුවම හිමීට ටිශාගේ පැත්ත බලන්න ගියත් එයාගේ ලොකූ ඇස් දැක්කම මගේ ඔලුව ඉස්සුනා මොකද මගේ පේපර් එකකින් ටිශා පුදුම වෙනවා කියන්නේ සුපර්‍ර්

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now