<10>

85 9 1
                                    

මට මේ මනුස්සයව හම්බෙනවා වැඩියි පලවෙනි දවසේ එයාගෙ කාර් එකේ හුලං ඇරලා එයාගෙම හොටෙල් එකෙන් කන්න ගියා....ඊට පස්සෙ තුවාල වෙන්න පොතකින් ගැහුවා....එයාවත් පෙරලගෙන වැටුනා....ඒ ඔක්කොම හරි කියමුකෝ ඒ පාර මම දැන් ඒ කෙනා එක්කම පොප්කෝන් වැස්සක තෙමි තෙමී ඔඩොක්කුවේ ඉන්නවා
Wait ඔඩොක්කුවේ????
කකුල් දෙකට ශක්තිය අරන් දුවපන් ජානා

මටම කියාගෙන මම එකපාර ඩිලන්ගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා එතකොටම මාව ලිස්සලා බිමට වැටුනා....වැටුන පාරට නම්
කොන්දක් කඩේකින් ගන්න තරම් සනීපයක් දැනුනත් මම පිටිපස්සවත් බලන්නැතුව එතනින් දිව්වේ ඉල්ලන් කන්න බැරි හින්දා

එලියේ තිබ්බ පඩිපෙලකට වෙලා මල් පෝච්චියකට මුවා වෙලා අර තුන් කට්ටුව එනකල් බලන් ඉන්න එක ඇත්තටම එපා කරපු වැඩක්...
හනේ ඒගොල්ලොමන්ගේ ෆිල්ම් එක ඉවර නැද්ද තාම....ෆේත්ත් අර ඩිලන්කාරයා එලියට එන්න කලින් වරෙන්න්න්න්

⭐️ ජානා....උබ මේ තරම් කලින්???

තෑන්ක්ස් ගෝඩ්....ෆේත්ව දැක්ක ගමන් මට නැගිට්ටුනා මොකද එයා ආවේ ෆිල්ම් හෝල් එක පැත්තේ ඉදලා නෙමේ අනික් පැත්තේ ඉදලා

💫  ඔයාලා බලන්න ගිය ෆිල්ම් එක මේ තරම් ඉක්මන්ට ඉවරද

⭐️ ඒක අද පෙන්නන්නෙ නෑ කිව්වා බන්....ඉතින් අපි තුන් දෙනා උබ එනකල් රෙස්ටුරන්ට් එකකට වෙලා හිටියා ...

💜 ඒක නෙමේ අක්කේ ඇයි ඔයා නිකන් හොරෙක් වගේ එබි එබි බල බල හිටියේ

ජෙරී කියද්දි මන් කල්පනා කරේ මගේ පොප්කෝන් එක ගැනයි මට නොදී මගේ පාප මිත්‍රයෝ දෙන්නයි මල්ලියි කාපු කෑම ගැනයි

💜 අක්කේ... අක්කේ

💫 ආ...මේ මම හොරෙක් වගේ බල බල හිටියේ නෑ ඔයාලා එනකල් හිටියේ

💛 ඒත්....

💫 ආ....කායි මට හොරෙන් කාපු කෑම ඔක්කෝම මට අරගෙන ඕනේ කෝ යමු යමු දැන්

එදා දවසම එලියේ ඉදලා ගෙදර එද්දි රෑ අටයි මල්ලිත් එක්ක ගිය නිසා ගෙදරින් ලොකු අවුලක් උනෙත් නෑ...අම්මලා දන්නවනම් එයාලගේ
චූටි පුතා රොමෑන්ටික් ෆිල්ම් බලද්දි එයාලගේ අහින්සක දුව කොමඩි ෆිල්ම් එකක් බලන්න ගියා කියලා....

සදුදට ගනන් සර්ට මුහුන දෙන්නේ කොහොමද කියලා තැවි තැවී දැවි දැවී හිටියත් සදුදා ගනන් සර් ආවේ නෑ....ඒ සතියම එයා ආවේ නෑ එයාගේ හුරතලා අසනීපෙන්ලු....
ඉතින් ඊලග සදුදා......

💫 මමියෝ.....මමියෝ....මමියෝ...

උදෙ පාන්දර මම දවස පටන් ගත්තේ අම්මාට කතා කරල.....වෙනද උදේට ඤාව්ව්ව් ගාගෙන එන මගේ අහින්සක සිල්වෙස්ටර් අද පේන්නවත් නෑ

👩 අම්මා කියන්න කටක් නැද්ද මමී ඩමී ගාන්නේ....දැන් කාලේ හැදෙන ලමයි නම්
අනේ මන්දා මගේ කොල්ලා නම් කවදාවත්.....

උදේ පාන්දර මට බලය ජවය ශක්තිය ලබා දෙන අපේ අම්මාගෙ වචන ටික....කොහෙන් ගියත් මේ කෙල්ල නම් කොහොම හැදෙනවද මන්දා මගේ කොල්ලා නම් හරි හොදයි.....වාසනාවට ජෙරී ඊයේ ගෙදර ගියේ නැත්තම් ග්ලූකෝස්කාරයා ගැන මදිවට ජෙරී ගැන කිය කියත් මට බනියි

💫 ආ....හරි හරි අම්මා සිල්වෙස්ටර්ව දැක්කද

👩 ඔය ලොන්ගුලි ගැන මම හොයන්නෑනේ

💫 හරි නරකයි

මගේ ඇස් ඊලගට යොමු උනේ උදේ පත්තරේ කියෝ කියෝ ඉන්න තාත්තගේ දිහාට

💫 තාත්තියෝ.......

බටර් පාරක් ගාගෙන තාත්තාට කතා කරලා මන් තාත්තා ගාවින් වාඩි උනා....මගේ ස්වරේ තේරිලාද මන්දා තාත්තා කියෝ කියෝ හිටිය පත්තරේ නමලම පැත්තකින් තියලා මා දිහා බැලුවා

👨 කියන්න බලන්න බටර් ගාන්නැතුව

💫 මගේ සිල්වෙස්ටර්ව දැක්කද

👨 කුස්සියේ නිදාගෙන ඉන්නවා මම දැක්කා

💫 තැන්කිව් තාත්තී

👩 ඔයා මොකද ඌ කුස්සියෙ ඉන්නවා කිව්වේ....කෙල්ලෙක් උනාට කුස්සිය පැත්ත පලාතේ යන්නෑ....තේ එකේ ඉදන් ලගට ගෙනත් දෙන්න ඕන ඔයා තමයි ලමයව නරක් කරන්නේ

අම්මාගේ බලය ජවය ශක්තිය දෙන වචන එක්කම මම කුස්සියට ගියේ මගේ ලොම් ගුලිය බලන්න....එයා ඔහේ බිම නිදි...මම සිල්වෙස්ටර්ව වඩා ගත්තත් එයා වෙනදා වගේ ඤාව් ඤාව් ගගා මා එක්ක හුරතල් වෙන්න ආවේ නෑ.....පුරු පුරු ගගා මගේ අතේම ගුලි උනා...මන් පූස්වත් වඩාගෙන තාත්තා ගාවට දිව්වේ මගේ ප්‍රාණසම පූස් පරානෙට මොකද වෙලා තියෙන්නෙ අහන්න...
තාත්තා පශු වෛද්‍ය නොවුනත් නිකම් හරි ඩොක්ටර් කෙනෙක් නිසා එයාගෙන් අහන එක හොදයිනෙ

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now