<22>

79 8 0
                                    

එදා අයියා එක්ක ගිය නිසා සර්ගේ ගෙදරට යන පාර මට මතක තිබ්බා ගෙදර වාහන තිබ්බට මට ලයිසන් නැති නිසාත් ඕකට අයියා එක්ක වලි දාගන්න තරම් මට කාලය නැති නිසාත් බස් එකේම යන්න මම තීරනේ කරා
බස් එකෙන් බැහැලා ටික දුරක් ගියාම සර්ගේ ගෙදර


ම්හු දොර බාගෙට වහලා.... බෙල් එක ගහන්න හොද නෑ ශෙටි මිස්වත් ගේ අස්සේ ඉන්නවද දන්නෙ නෑ අද අල්ල ගන්නම්කෝ මම හොරේ.....
සිල්වෙස්ටර්ව ආශ්‍රය කරන නිසා හොර වැඩ කරන්න මම කියා දෙන්න ඕන උන්නෑ හිමීට හිමිට දොර ඇරලා සද්දයක් නැති වෙන්න දොර හිමීට වැහුවා...
ගේ ඇතුලේ කිසි සද්දයක් නෑ සමහරවිට දෙන්නා රූම් එකේද දන්නෑ

වරදක් කරන්නේ මුලු හිතින් මයි සෑර් කියලා මම හිමීට සර්ගේ කාමරේට ඔලුව දැම්මා ය්කූ පොත් රාක්ක ගොඩ..... මේ මනුස්සයාට මේ තරම් මොලේ ඇවිල්ලා තියෙන්නේ පොත් අස්සේ නිදාගෙනද මන්දා
දෙන්නා පොත් රාක්ක අස්සේ හැංගිලා ඉන්නවද දන්නෑ කියන සැකේට පොත් රාක්කෙට ලන් වෙද්දිම
හචිං....
ජෙයියනේ කුරුලු කූඩුව!!!

අයියා දීපු පොත සර්ගේ ඇද උඩට විසික් කරලා අත් දෙකෙන්ම කට වහගෙන කාමරෙන් එලියට යන්න ඔන්න මෙන්න තියෙද්දි වොශ් රූම් එකේ දොර ඇරගන ඩිලන් සර් මතු උනා එකපාර එලියට දුවන්න හිටිම මගේ කකුල් සර්ව දැක්ක ගමන් පොලවට මුල් ඇද්දා වගේ උනා ප්‍රෙන්ස්

ඉත්තෑකූරු වගේ කොන්ඩෙන් තාම වතුර බින්දු වැටෙනවා නාපු ගමන්ම හින්දද මන්දා මූන ගොඩාරියක් එලියයි කන්නාඩි නැතුව එයාව දකින පලවෙනි පාර කන්නාඩි දාන් ඉද්දි තියන බක පන්ඩිත පෙනුම වෙනුවට කන්නාඩි දෙක ගැලෙව්වම තිබ්බේ මාර හැන්ඩ්සම් ලුක් එකක්
එයාගේ මූනෙන් අමාරුවෙන් ඇස් ගලෝගෙන ටික ටික පහලට ඇස් ගෙනියන්න යද්දිම ඩිලන් ටික ටික මගෙ පැත්තට ආවා

එදා ඉස්කෝලේදි මම එයාටයි බිත්තියටයි හිර උනා අද එයාටයි පොත් රාක්කෙටයි කොහෙන් ගියත් අහින්සක මාවමයි තැලෙන්නේ..... ඒ උනාට අද මෙයා ඉම්න විදිහ නාපු ගමන් කොන්ඩෙවත් පිහලා නෑ
ටවල් එක පිටින් මෙහෙම මගේ ලගට එන්න මේ මනුස්සයට ලැජ්ජා නැද්ද මම නම් ලැජ්ජා බයට හැදුන කෙල්ලෙක් ප්‍රස්නෙ තියෙන්නේ මගේ කකුල් මෙතනින් යන්න ආස නැති එකයි

🔥 මොකද හොරෙන් හොරෙන් මගේ ගෙදරට ආවේ ම්ම්ම්

මගේ ඔලුව ගාවින් පොත් රාක්කෙට අතක් තියාගෙන මගේ කන ගාවට නැමිලා ඇහෙන නෑහෙන ගානට එයා මුමුනද්දි මාව සීතල වෙලා ගියා කොච්චර සීතල උනාද කියනවා නම් මට හොදටම දාඩිය දාලා

💫 පො...පොතක් දෙන්න ආවා

🔥 කතා නොකරම කාමරේට ආවේ ම්ම්

💫 අහ්......

🔥 ඔත්‍තු බලන්න නේ

💫 ඇව් ඇව් ශෙටී මිස් ගේ අස්සෙ ඇති

මම ඒක කිව්වේ හිමීට උනාට මන් ගාවම හිටිය එයාට ඒක ඇහුනද මන්දා

🔥 ඒකද මේ ටිකේ මා එක්ක තරහින් හිටියේ....ම්ම්ම්

මම බිම බලාගත්තා හිතේ තියන එව්වා මන්වත් දන්නෙ නැතිකොට මෙයාට කොහොම කියන්නද

🔥 එහෙමනේ

මම හිමීට ඔලුව ඉස්සුවා එයාගේ කොන්ඩෙන් වැටුන වතුර බින්දු බින්දු මගේ මූනට වැටෙද්දි එයා ටික ටික මට ලන් උනා අව්ව්ව්ස්ස් එයා මට කිස් එකක් දෙන්නයි යන්නේ මගේ ඇස් ඉබේ පියවෙද්දිම

💫 හචිං...

ඔය කොරේ වැඩක්

ඩිලන් ලස්සනට හිනා වෙලා මගේ උරහිස් වලින් අල්ලන් කාමරෙන් එලියට දැම්මා

🔥 සාලෙන් ඉදගෙන ඉන්න....  මම ඇදුමක් දාන් එන්නම්.... ඔයාට මම නැතුව ඒ ටික වෙලාවත් ඉන්න බෑ වගේ නම්ම්ම් මම මෙහෙම්ම....

💫 ඕ නෑ නෑ ඇදුමක් දාන් එන්න

හම්මෝ මොකක්ද ඒ උනේ මට නිකම් පිස්සු වගේ අර කුරුල්ලගේ ආත්තම්මාවත් මතක් වෙනවා එ වෙලේ මට හචිමක් ගියේ නැත්තම් එයා මට කිස් එකක් දෙනවා සුවර්
එයා මාව කිස් කරන්න තමා ගියේ එයා මට ආදරේවත්ද අයියෝ මෙ මනුස්සයා මගේ මොලෙ කනවා

🔥 ජානා

💫 ස....සර්

🔥 මේ ඉස්කෝලේ නෙමේ මට ඩිලන් කියන්න

💫 හරී

🔥 ඔයාට මතකද මම ඔයාට කිව්වා චිත්‍ර උගන්නනවා කියලා

💫 හ්ම්ම්ම්..... අර ආටිස්ට්ට කියලනේ

🔥 ඒ ආටිස්ට් තමා ඔයාගෙ ඉස්සරහ ඉන්නේ

💫 වෙන්න බෑ ඔයා හැමවෙලේම කියන්නේ අයි හේට් ආට් කියලනේ

🔥 ඒක දිග කතාවක් ඒවා ඕන්නෑ ඔයා ආපු එකෙ අපි අද පටන් ගමු

💫 හ්ම්ම්

🔥 අනික මගෙයි ශෙටී මිස්ගෙයි කිසි එෆෙයා එකක් නෑ.....

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now