<9>

84 8 0
                                    

මම මූන හෝදන් ඔක්කෝම කරන් එලියට එද්දි එකොලහයි....දහයට යමු කියලා යෝජනා කරෙත් මම පරක්කු උනෙත් මම....

⭐️ ජානා....කකා ඉන්න ලෑස්ති වෙන්න එපා දොලහට ෆිල්ම් එක පටන් ගන්නවා අපි යන ගමන් කමු

මම මේසෙන් ඉදගන්න හදද්දිම ෆේත් මගේ අතින් ඇදලා නැවැත්තුවා....මම වටපිට බැලුවේ ජෙරී කෝ කියලා...එයාවත් එක්කන් යන්න එපැයි

⭐️ උබේ මල්ලිවද හොයන්නේ එයා කායි එක්ක එලියේ....අවංකවම උබේ සහෝදරයෙක්ද බන් ඒ

💫 ඕ කසින් කෙනෙක්

⭐️ සම්පූර්නයෙන්ම වෙනස්නෙ

💫  ටික වෙලාවකින් තේරෙයි මටයි උබලටයි වඩා ජෙරීගෙත් වෙනසක් නෑ කියලා

💛 ආවද නිදි කුමාරි

💫 පෝඩ්ඩක් නින්ද ගියා

💜 ඔයාගේ එලාම් එකට තමා මාව ඇහැරුනේ

💫 මට ඇහුනෙවත් නෑනේ

💛 මල්ලි පරිස්සමට මේ අවතාරේ එක්ක එක ගෙදර ඉන්නේ

💜 පොඩි කාලේ මට කරපුවා එක්ක දැන් මොනා කරයිද කියලා හිතන්න බෑ තමයි

💫 එයි ජෙරී.. .මන් ඔයාව මේ දෙන්නට ගැම්මෙන් අදුන්වලා දෙන්න හිටියේ....ඊට කලින් ඔයාලා අදුරගත්තද

⭐️ මේ මගෙ කට අවුස්ස ගන්නෙ නැතුව යමුද....ඒ ලමයා අපිව දන්නවා

මරු දැන් මගේ මල්ලිත් මගේ පාප මිත්‍රයන්‍ට සෙට් වෙලා....ඇයි මේ ඔක්කෝම දේවල් මට වෙන්නේ??

මොනා උනත් කිව්වා වගේම මට ෆේත් මගදි කන්න අරන් දුන්නා

💫 ඒ තව ටිකෙන් ෆිල්ම් එක පටන් ගන්නවා

💜 මේ ටොම්....

💫 ඕ කියන්න ජෙරී

💜 ඔයා රොමෑන්ටික් කතා බලන්න ගත්තේ කවද්ද

මම බැලුවේ ෆේත් කායි දෙන්නගේ මූනු දිහා....දත් තිස් දෙකම පේන්න දෙන්නා හිනා
වෙලා ඉන්නවා...ටිකට් එක බැලුවට මන් ෆිල්ම් එක මොකක්ද කියලා බැලුවෙ නෑනේ....

💫 ඇයි මට කලින් කිව්වෙ නැත්තේ මේක ලව් මගුලක් කියලා

⭐️ උබ ටිකට් එක ගත්තනේ....අනික විස්සක් වෙලත් ඕකක් බැලුවේ නෑ කියලා කටක් ඇරලා කියන්න පුලුවන් ද

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now