<8>

81 8 0
                                    

💜 සිල්වෙස්ටර් ???

💫 ඕහ් ඔව්....මේ මී හිතකාමී කුරුලු විරෝධී පූසෙක්

💜 කෝ දෙන්න බලන්න

ජෙරී සිල්වෙස්ටර්ව වඩා ගත්තා....මගේ පූශ්ටත් ඉතින් හැන්සම් කොල්ලෙක් නම් තව මොනාද....එයත් ජෙරීගේ අතේ ගුලි උනේ
අපේ අම්මා ජාතිය අමතන්න පටන් ගද්දි

👩 ඔය පූසාව මේ ලමයට දුන්නෙ මොකද....ඔය සතාව බිමින් තියන්න පුතා ...ඔයාට නැති ලෙඩ හැදෙයි

💫  මගේ සිල්වෙස්ටර්ට බේත් විදලා තියෙන්නේ

ගස්සන් පද්දන් කාමරේට දිව්වේ මව් යානාවගේ දේශනාවට තවත් සවන් දෙන්න ඕන නැති නිසා



@night


👨 පුතා සති දෙක තුනක් ඉන්නවා නේද

💜 ඔව් මාමේ....ඒ ඒක නෙමේ මට ආරන්චි උනා ටුටූත් මෙහෙ කියලා

ජෙරී මන් දිහා බලන් අහද්දි කන්න ගත්ත බත් කට අතේම තියන් මන් එයා දිහා බැලුවේ ඒ ප්‍රශ්නේ මගෙන්ම අහපු එකක්ද බලන්න.....මොකද මන් දන්න ටුටුවෙක් නෑ....

👩 ජෙරී....එයා ටුටූව දන්නෑ

💜 ඕහ්...හරි

අම්මා අමුතු විදිහට කිව්වම ජෙරී මූන කෑම එකේ ඔබාගෙන කන්න ගත්තා....මේ හැමෝම මගෙන් මොනා හරි හංගනවා
වගේ....ඒ පොඩි එකා  දන්න මම නොදන්න දේ මොකක්ද

💫 අහ් අම්මේ මම සෙනසුරාදාට එලියට යනවා අර දෙන්නා එක්ක

👩 සෙනසුරාදා කියන්නේ හෙටනේ

💫 ඕ.....ෆේත්ගේ උපන් දිනේට පොඩි පාටියක් දාන්න යන්නේ

💜 අක්කේ මාත් එන්නද???

💫 දගලන්න බෑ හරිද

💜 මම චූටි ලමේක් නෙමේ

💫 ලොකු අයට ගරු කරන් ඉන්න ඕනේ හොද ලමේක් වගේ

මම ජෙරීගේ කොන්ඩෙත් අවුස්සලා කියද්දි එයා මූන බෙරි කරන් කෑම එක දිහා බලා ගත්තා...  චූටි කාලේ ඉදම්ම මම කරන ඕන දේකට ජෙරී ෆුල් සපෝට් එක දෙනවා අර
ග්ලූකෝස්කාරයා මගේ ප්ලෑන් අවුල් කරන්න හදද්දි ජෙරී තමා මාව පරිස්සම් කරන්නේ

මාත් ජෙරීට ගොඩක් උදව් කරලා තියනවා උදාහරණයක් විදිහට එයා එක වසරෙදි එයාගේ ක්‍රස් එක සෙට් කරගන්න උදව් කරෙත් මම.....එයාගෙ ක්‍රස් එක ගෙබි කුමාරිගේ කතාවට ගොඩක් ආස නිසා අමාරුවෙන් ගෙම්බෙක් අල්ලලා ලස්සනට පැකින් කරලා මම ජෙරී අතේ එයාගේ ක්‍රස් එකට යැව්වා....
මේමයි එතන උන සීන් එක ගෙම්බෝ හැදෙන්නේ මාලුන්ගෙන් කියලයි මන් එතකොට දැනන් හිටියෙ......ඉතින් අමාරුවෙන් බංකුවක් උඩට නැගලා ෆ්‍රිජ් එකෙන් ලොකූ මාලුවෙන් අරන් මන් පැක් කරලා දුන්නේ ලොකූ මාලුවෙල් හැදෙයි කියලා....එතකොට මල්ලි එක වසරෙ මන් තුන වසරෙ...
මාලු ඉස්කෝලේ ගෙනාවා කියලා ජෙරීගේ
අම්මලවත් ඉස්කෝලේ ගෙන්නපු එක වෙනම කතාවක්...මන් ඒක කරේ සපෝට් කරන්නනෙ ඉතින්

‍රෑ නිදාගන්න යද්දිත් මට මතක් උනේ ජෙරීගෙ ටුටූව.... එක වසරෙ මාලු කුමාරිවත්ද දන්නෑ කියල හිතලා මන් අනික් පැත්ත හැරිලා පස්ස උඩ දාගෙන නිදාගත්තා..


@Morning


: ජානා....උබ එනවද අපි යන්නද...
ජානා

හෑ....
මොකාද උදේ පාන්දර මගේ රාජකීය නින්ද කඩන්න හදන බහිරවයා ..... අම්මාගෙ වොයිස් එකත් නෙමේ

⭐️ ජානා.....දහයට යමු කිව්වේ....බලහන් දැන් දහය හමාරයි

ඒ ටකරං වොයිස් එක අදුරගන්න මට අමාරු උනේ නම් නෑ මිත්‍රවරුනී....ඒ වෙන කවුරුත් නෙමේ මගේ අපාය සගයා පාට් වන්
හුටා....අද ඒකිගේ උපන් දිනේනේ

💫 පොඩ්ඩක් හිටපන් මම් නාන ගමන්... උබ හඩ්ඩා වගේ ආවට උබේ උපන් දිනේ දා මට හඩ්ඩා වගේ එන්න බෑනේ

දාර්සනික බොරුවක් කියලා මූන හෝදගන්න මම වොශ් රූම් එකට රිංගුවා...
හුහ් උදේම නාන්න මේ ජානා....ඒවා හදේ....ස්ස්ස්ස්ස් නාන්න පුලුවන් ජෙයියනේ සීතලේ




😪මේ කොටස කොටයි නේත
ටයිප් කරපු ටිකට මොකක් හරි වෙලා ඔක්කොම අතුරුදහන් වෙලා

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now