🔥End💫

104 10 1
                                    

ජානා කෝමා එකට වැටිලා අදට හරියටම අවුරුදු දෙකක් ඩිලන් දිගින් දිගටම එයාව බලන්න යන එක ප්‍රතික්ෂේප කරද්දි ලූකස්ට ඕන උනා කොහොම හරි ඩිලන්ව එක්කන් යන්න්

💙 ඩිලන්..... ජානාගේ මැශින් හවසට ගලවනවා කිව්වා උබ කොහොමත් බලන්න යන්නෙ නෑනේ

ඩිලන්ගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන් ලූකස් පැය බාගයක් සාලෙට වෙලා හිටියත් ඩිලන්ගේ කාමරෙන් කිසිම සද්දයක් ආවේ නෑ ඉතින් ලූකස් කාර් එක ස්ටාට් කරගෙන ගෙදර ගියා

ලූකස්ගේ කාර් එකේ සද්දෙ නැහීගෙන යනවත් එක්කම නෝමල් ටී ශර්ට් එකකුයි කලිසමකුයි දාගත්ත ඩිලන් අවුරුදු දෙකකට පස්සේ එයාගේ කාර් එකේ යතුර ගත්තා
ඩොක්ටර් ලා එක්ක රන්ඩු වෙලා හරි මැශින් ටික ගලවන්නෙ නැතුව තියන්න බලාගෙන
හිතේ හයියට ගියාට දවසට එක වේලක් යාන්තමට කාලා කාමරේටම වෙලා හිටිය ඩිලන්ගේ ඇගට නම් කිසිම ශක්තියක් තිබ්බේ නෑ

හොස්පිට්ල් එක ඉස්සරහා කාර් එක නවත්තලා ඩිලන් ජානා ඉන්න රූම් එක හොයාගෙන ගියා ලිෆ්ට් එක පිරිලා නිසා තිබ්බ හදිස්සියට කොල්ලා පඩිපෙල නැග්ගා දෙවනි තට්ටුවේ තිබ්බ ජානාගේ කාමරේට යද්දි එයාට සිහි නැති වෙන්න ඔන්න මෙන්න හිටියේ
ඩිලන්ට කිසි බාදාවක් නැතුව ජානාගේ කාමරේට යන්න පුලුවන් උනේ ලූකස් ඒ ඔක්කොම හදලා තිබ්බ හින්දා

බාගෙට ඇරලා තිබ්බ දොරට හේත්තු වෙලා ජානා දිහා බලන් හිටිය ඩිලන් පැය කාලක් විතර කල්පනා කරේ ඇතුලට යනවද නැද්ද කියල අවුරුදු දෙකක් නොදැක්ක කෙල්ලව දැක්කම ඩිලන්ට ආය හැරිලා යන්න හිත හදාගන්න බැරි උනා....එයා ජානා ගාවට ගිහිල්ලා එයාගේ අප්‍රාණික අතකින් අල්ල ගත්තා

🔥 ඔයාට ඇස් අරින්න බැරිද ජානා....මම පොරොන්දු වෙනවා ඔයා ආය නැගිට්ටොත් මන් කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ ඔයා ගාවින්ම ඉන්නවා....මම ඔයාව ඉක්මන්ට මන් ගාවට ගන්න ඉද්දි ඔයා ඉක්මන්ට මාව දාලා යන්නෙ ඇයි ඔයාගේ ටුටූ නිසා ඔයාට කරදර විතරයි නේද???

ඩිලන්ගේ කටහඩ වෙව්ලනවා වචන වලට කලින් කදුලු ඉස්සර වෙද්දි ඩිලන් ජානාගේ මුන දිහා බලන් හිටියා එයාගේ කදුලු ජානාගේ අතට වැටෙද්දි එයාගේ ඇස් හෙල්ලෙනවා කොල්ලා දැක්කා මුලින් ඒක හිතේ මැව්න දෙයක් හිතුවත් දෙවනි පාරත් ඒකම උනා ඩිලන්ට එකපාර කෑ ගැහුවා

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now