<15>

84 6 0
                                    

සිල්වෙස්ටර් වයර් එකක එල්ලිලා ඉද්දි ට්විටි එයාව වට්ටන්න හදන එකක්.... මේක මේ තරම්ම මට හුරු මොකද.... ආහ් කාටුන් එකේ උන සීන් එකක් නිසා වෙන්න ඇති
ඒත් පාට පැන්සල් ගාපු පොඩි ලමේක් ඇදපු චිත්‍රයක් රාමු කරන් ඉන්න තරම් ඇන්ග්‍රි බර්ඩ්ට තියන මෙව්වා එක මොකක්ද

අයියා සර් එක්ක සර්ගේ කුස්සියට ගිය හින්දා මම වටේම තිබ්බ දේවල් බල බල හිටියා.....
මේසේ උඩ පොඩි පොතක් තිබ්බා...අත පය තියන් ඉන්න බැරි නිසාම මම ඒ පොත අරන් පෙරල පෙරල බැලුවා....
මේ මනුස්සයට නම් පිස්සු ඒ පොතේ තිබ්බේ කුරුටු බලි ගොඩක්... අවුරුදු පහක විතර පොඩි එකෙක්ගේ චිත්‍ර
Wait.....
එදා සර් ඩස්පින් එකට දාපු චිත්‍රෙ නෙ....ඒක කොහොමද....

මන් ඒක එලියට ගන්න යද්දිම එකපාර උඩින් ආව අතක් පොත උදුර ගත්තා

🔥 මොකද මගේ දේවල් අදින්නේ

💫 ඒකේ තිබ්බෙ මගෙ චිත්‍රෙ

🔥 ඔයා දවල් හීනයක් දැකලා..... I hate drawing

එහෙනම් රාමු කරගෙන පොඩි එකෙක් ඇන්ද චිත්‍රයක් ඉන්නේ මොකද දන්නෑ....දවල් හීන දකින්න තරම් මම අසිහියෙන් නෙමේ ඉන්නේ මට හොදට අදුරගන්න පුලුවන් මගෙ චිත්‍ර

💙 ඒහ් බ්‍රෝ ....... කොහොමද බං මේ තරම් ක්ලියර් එකට ගේ තියන් ඉන්නේ

අත් දෙක වන වනා ඇවිල්ලා ඒ සිටුවේශන් එක කාලා දැම්මේ මගේ කාබාසිනියාකාර අයියා
අයියායි සරුයි දෙන්නා මාව කොනට දාලා
මල් කඩන්න ගත්ත නිසා දෙන්නට රවලා (ඒ දෙන්නා ගනන්වත් ගත්තෙ නෑ හැබැයි) මම කාර් එකට ගිහිල්ලා ඉදගත්තා
බෑග් එකත් ඉස්කෝලේ..... කමන්නෑ
අරුන් දෙන්නා එද්දි අරගෙන එයි






Next day......




අද උදේම ආට්....
මම දැන් ඒ පීරියඩ් එකට යන්නේ නොයා බැරි කමට අර අක්කා නගාලා මට මොනා කරයිද දන්නෑ

💛 ඒ බං... එතකොට ලූකස් අයියයි ගනන් සරුයි පිට්ද

💫 අනේව් බූරු පැටියෝ එකසිය දා හත් වෙනි පාරට නේද ඔය අහන්නේ

💛 එකසිය දහ අටවෙනි පාර

💫 ෆේත්ත්ත්.. .මේ පොඩි එකා මගෙන් ගුටි කන්න කලින් මෙතනින් අරන් ය.....

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now