<12>

83 7 0
                                    

අද සුන්දර ඉරිදා....මම සතියේ ආසම දවස...අද නම් ඉරිදා තමා මන් ආස දවසත් තමා ඒත් මව් යානාව මට ගෙදරින් එලියට යන්න තහනම් කරලා කොහෙද ගියා

බිම නිදාගෙන කම්මැලිකමේ ඈනුම් අරින සිල්වෙස්ටර්ව දැක්කම මගේ කම්මැලි කම
යවාගන්න පූස් තඩියට පොඩ්ඩක් වද දෙන එක හොදයි කියලා මගේ ටිකිරි මොලේට තේරුනා
අහ්හ් සිල්වෙස්ටර්ගේ අසනීපේ තමා කනවා වැඩිකම.....කාලා කාලා මොකාද වගෙ නිදාගන්නවා....ඩොක්ටර් නම් කිව්වේ මේකා කෙට්ටුවට හිටියට බර හොදටම වැඩියි කියලා

හයෝව්ව් මාර කම්මැලියි අම්මලා මේ තරම් වෙලා මොනා කරනවද මන්දා ගියේ උදේ දහයට දැන් හවස හයයි....කෙල්ලෙක්ව මෙහෙම තනියම දාල යන්න මෙයාලට බය නැද්ද???
එක අතකට මොකට බය වෙන්නද ෆ්‍රිජ් එකේ කෑම පුරෝලා තියන තාක්කල් මන් තනියෙන් එලියට යන්නෑ කියලා එයාල දන්නවනේ හුම්ම්ම්

ටක් ටොක් ටික් ටොක්
ඔරලෝසුවත් හිමීට යන්නේ.....ලාවට වහිනවත් එක්ක....හනේ මේ වෙලාවට බලපු හොල්මන් කතා ඔක්කෝම මතක් විගෙන මතක් වීගෙන යනවා

ලාවට වහින වැස්ස.....ලාවට අදුරු පරිසරය...නිහඩතාව බිදින ඔරලෝසුවේ ටික් ටික් සද්දේ....ගෙදර තනි උන කෙල්ලෙක් ..දොරේ බෙ...

මම හිතද්දිම දොරේ බෙල් එක වැදුනා.....මයි ගෝඩ් වයි ගෝඩ් මෙහෙම
මගේ පූස් ආරක්සකයා ඉන්නව මාව බලාගන්න...
එකපාර හින්දි ෆිල්ම් වල වගේ අකුනක් ගැහුවා....දොරේ බෙල් එක ආපහු වැදුනා

කොස්ස.....අන්න ආයුදේ... කොස්ස ලෑස්ති කරගද්දිම

💛 ජානා උබ අපිව වැස්සෙ දිය කරන්නද හදන්නේ....දොර අරිනවකෝ

අපෝ මේ හිකනල් පැටව් දෙන්නද... අපරාදේ මම මවාගත්ත ලෝකේ...කොස්ස පැත්තකට විසික් කරා දොර අරිද්දිම ජල සන්නිය හැදිලා වගේ වෙව්ල වෙව්ල ෆේත් කායි දෙන්නා ගෙදරට කඩා පැන්නා

💫 මහා රෑ මොකද මෙහෙ

💛 මොන රෑද....යාන්තම් හය පහුවෙලා

⭐️ උබ තනියෙන් කියලා නැන්දා කිව්වා .....
ඒ ගොල්ලෝ එයාපෝට් එකේලු තාම

💫 අම්මලා එයාපෝට් එකට ගිහින් තියෙන්නේ මොකද

💛 උබ දන්නෙ නැද්ද

Angry Bird & Crazy Cat✔️Where stories live. Discover now