season 01 කියවලා නැති අය ඒක කියවලා ඉන්න. නැත්තන් පැටලෙයි. තේරුමක් හොයාගන්න බැරිවෙයි ඔයාලාට...______________________________________________
sun-hee එයාට ලැබුණු bday gift එක දිහා බැලුවෙ හරිම ආසාවකින්. කොච්චර වටින දේවල් කලින් හම්බුනත් දැන් ලැබුණු බෝනික්කාට සන්හිගෙ හිත ගියා. බෝනික්කට තිබුනෙ ටිකක් පරණ පෙනුමක්. දුඹුරු පාට කොණ්ඩයක්... එක්කන් මල් වැටුනු ගවුමකින් බෝනික්කා ලස්සන වෙලා තිබුනා.
එයත් එක්කන් මීටකලින් කවුරුහරි ගෑනු ලමයෙක් සෙල්ලම් කරන්න ඇති කියලා සන්හිට හිතුනා. එතකොට බෝනික්කව ගෙනල්ලා තිබුනු කවරෙවත් ඒක ගෙනාව කෙනෙක් ගැන කිසිම දෙයක් නොතිබ්බ නිසා සන්හී කල්පනා කලේ ඒක ගෙනාවේ කවුද කියලා...
ඔම්මා හරි අප්පා හරි කියලා මුලදි හිතුවත් ඒක වැරදියි. ඔම්මගෙ මූණෙ තිබුනෙ ලොකු පුදුමයක් . පුදුමෙකට වඩා ඒක බයක් කිව්වොත් හරි . සන්හී ඒ දේවල් අමතක කරලා දාලා බෝනික්කටම අවදානේ දුන්නා.
සන්හී බෝනික්කව බදාගත්තා .එයාගේ බෝනික්කව පුච්චලා දාන්න කියලා ඔම්මා අප්පට කියනවා කන් දෙකේ දෝංකාර දෙන්න ගනිද්දි සන්හිට ගොඩක් හිත රිදුනා. එයාට හොදම යාලුවෙක් ලැබුනා වගේ . තවත් ටිකක් බෝනික්කව තුරුල් කරන් ඉද්දි සන්හිට නොදැනිම නින්ද ගියා.
YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Fantasyකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...