ඈත තියාම කවුරුහරි විල් ඉවුරේ පාලම උඩට වෙලා ඉන්නවා ලාවට වගේ දැකපු sir කෙනෙක් ඒ පැත්තට ඇවිදන් ආවේ කියන දේ අහන්නැතුව එලියට ගිය ලමයි කවුද කියලා හොයාගෙන...
" කවුද ඔතන "
සර් දෙතුන් පාරක්ම කතාකලත් කවුරුත් උත්තර දුන්නේ නම් නෑ. පාලම ගාවටම ගිය සර් හිතුවෙ ලමයි දෙන්නෙක් පාර අතරමං වෙලා මෙතෙන්ට වෙලා ඉන්නවා කියලා හිතන් පස්සෙ එයාලගෙ කතාව ලාවට වගේ ඇහුනම සර්ට තේරුනේ එයා මුලදිම හිතුව වගේ ලමයි මුරණ්ඩු කමට මෙතෙන්ට ඇවිල්ලා කියලා. සර්ට ඒකට නම් ටිකක් කේන්ති ගියා. මොකද ලමයින්ගෙ වගකීම තියෙන්නෙ සර්ට... කාටවත් කරදරයක් උනොත් එහෙම...
" ඔහොම ඉන්නයි කිව්වේ දෙන්නටම... "
සර් පාලම දිගේ ඉස්සරහට යද්දි මීදුම අස්සෙන් ගෑනු ලමයි දෙන්නෙක් ඉන්නවා පෙනුනා. එක්කෙනෙක් බිම දණගහගෙන වගේම අනිත් කෙනා හිටගෙන සර් දිහා බලන් හිටියේ .
" මේ වගේ වෙලාවකත් ඔයාලාට මුරණ්ඩු වැඩ කරන්න ඕන උනාද "
සර් කේන්තියෙන් ම එහෙම ඇහුවේ ඇත්තටම මේ ලමයි කිසිම බරක් පතලක් නැතුව කරන මෝඩ වැඩ නිසාම.
මේ වෙලාවේ සන්හී හිටියේ ගොඩක් බය වෙලා. එයාගෙ ඉස්සරහා භයානක පෙනුමක් තියන ගෑනු ලමයෙක් හිටන් ඉන්නවා. සන්හීට බයවෙන්න අමුතු දෙයක් ඕනෙද ඉතින්...
saara:- බයවෙන්න එපා සන්හී .. මන් සාරා...
sun-hee :- මි... මින්සෝ
සන්හිගෙ කටින් වචනයක් පිටවෙන්නෙත් නෑ. කෙල්ල ඒ තරම් බයවෙලා. ඊටත් වඩා මෙතන හිටපු මින්සෝ ගිය තැනක් හොයාගන්න නෑ. සන්හී තවත් බය උනා.
saara:- මන් තමයි මින්සෝ... චෝයි සාරා මින්සෝ... ඒකයි මගෙ නම
සන්හී සාරා කියන නම කලින් අහලා තිබ්බා. එයාට පොඩි සැකයක් තිබ්බේ මේ එයාද කියලා. සැකේ දැන් තහවුරුයි. ඇරත් සාරාගෙ පෙනුම බය හිතෙන විදිහට පෙනුනත් එයා කතා කලේ ගොඩක් friendly . සන්හීගෙ බය ටිකක් අඩු උනා.
saara:- මන් ගාවට එන්න
සාරා එහෙම කියන පමාවට සන්හී සාරා ගාවට ඇවිදන් ගියෙ මෝහනේ වෙලා වගේ.

YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Fantasíaකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...