Part 08

11 4 0
                                    


taehyung :- හෙට හම්බෙමු සෙමියා

සෙමී බස් එකෙන් බැහැලා යද්දිම ටේ සෙමීට බායි කියලා හැරුනෙ බොරුවට නිදි වගේ ඇස් දෙක පියාගෙන හිටපු සන්හී දිහාවට.

taehyung :- සෙමී ගියා සන්හී . දැන්වත් ඔය බොරුවට නිදි වගේ ඉන්නැතුව නැගිටින්න.

sun-hee :- සෙමී ඔයාගේ යාලුවනේ

taehyung :- ඔයාට එකපාරම එයාව එපා උනේ ඇයි

sun-hee :- එකපාරට නෙවෙයි .. මගෙ birthday එක දවසෙ මතක නැද්ද ... ඔම්මා එයාව හුරතල් කරපු හැටි එයා මගෙ ඔන්නි ආරෝ වගේ කිය කිය... 😒 ඔම්මා එදා මාත් එක්ක ඉන්නවට වඩා හිටියෙම සෙමී එක්කන්. මට නම් එයාව එහෙම පේන්නෙ නෑ.

taehyung :- ඔහ් හො... ඒකද මේ... ඔයා ඉතින් ඔයාගේ ඔන්නිව දැකලා නෑනේ... ඒක නෙවෙයි ඔයා කොහොමද අර පිස්සු මින්සෝට අහු උනේ

sun-hee :- taehyung 🤨 මන් දන්නෑ ඔයා ඇයි එයාට ඔච්චරටම අකමැති කියලා.. හැබැයි එයා විතරයි මට notes දුන්නේ. ඔක්කොමලා මග ඇරියා. සෙමිත් අර දවස් ටිකේම කොලේජ් ඇවිල්ලා නෑ..

taehyung :- ඇත්තද

ටේ වීදුරුවෙන් එලිය බලාගෙන හිටියේ . තව ටික දවසකින් එයාලාට බස් එකේ යන්න වෙන එකක් නෑ. ටේගේ  license එක ටික දවසකින් ලැබෙන්න යන්නේ. පස්සේ ටේ තීරණේ කලේ එයාගෙ අප්ප එයා වෙනුවෙන් ඉතුරු කරලා තිබ්බ සල්ලි වලින් car එකක් ගන්න... බස් එකෙන් බහින්න ටික දුරක් තියෙද්දි එකපාරට ටේට දෙයක් මතක් වෙලා පුදුමෙන් සන්හී දිහා බැලුවේ...

taehyung :- සන්හී ඔයා මට කිව්වේ  මින්සෝ ඔයාට notes ටික දුන්නා කියලා නේද

sun-hee :- ඔව් ඇයි

taehyung :- මට ජන්කුක් කිව්වා.. පහු ගිය සති දෙකේ අපි දෙන්නා විතරක් නෙවෙයි . මින්සෝ සෙමී දෙන්නත් කොලේජ් ආවේ  නෑ කියලා. එයත් ඇවිල්ලා නැතුව මින්සෝ කොහොමද ඔයාට notes දෙන්නේ

ටේ එකපාරට අහපු ප්‍රශ්නෙ එක්කන් සන්හී ගොලු උනා. කරදර ටික නැතිවෙනකන් ටේ සන්හිගෙ ගෙදරම නතර උනා. සන්හී කොලේජ් යන්න දගලපු හින්දා ටේටත් සන්හී එක්කම යන්න උනා. සන්හී ගෙයි මින්සෝගෙයි යාලුකම මේ ටික දවසට තවත් වැඩි උනා. ටේ අහපු ප්‍රශ්නෙ සන්හී මින්සෝගෙන් ඇහුවම මින්සෝ කිව්වේ එයා බොහොමා අමාරුවෙන් notes ටික ඉල්ලගෙන මුලු රැයක්ම ගොඩක් මහන්සි වෙලා notes ටික ලියාගත්තා කියලා. ඊටපස්සෙ සන්හී ඒ ගැන තවත් අහන්න ගියෙ නෑ. හැබැයි සෙමී නම් කවදාවත් මින්සෝ එක්කන් යාලුවෙක් උනේ නෑ...

𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )Where stories live. Discover now