සන්හී හොදටම සනීප උනේ දවස් තුන හතරකට පස්සේ. සන්හි නොදැනුවත්ව හරි විලට තල්ලු කරපු sir ට කොහොමහරි පීනගෙන ගොඩට එන්න පුළුවන් වෙලා තියනවා . සර් පොලීසියට කොච්චර කිව්වත් මේක කලේ මනුස්සයෙක් නෙවෙයි කියලා කවුරුත් විශ්වාස කලේ නම් නෑ. පහුවදා ඉදන් මින්සෝ අතුරුදන් කියලා හැමෝම හැම තැනකම හෙව්වත් මින්සෝගෙ හෙවනැල්ලක් වත් හම්බුනේ නම් නෑ. සන්හිගෙන් මේ ගැන ප්රශ්න කලත් සන්හිට විරුද්ධව සාක්ශියක් තිබ්බෙ නැති හින්දා එයාට ප්රශ්නයක් උන් නෑ.
මින්සෝ ගැන කිසිම දෙයක් හොයාගන්න බැරි උන තැන පොලීසියෙන් මින්සෝ කියලා කෙනෙක් හිටියේ නැහැ. ඉදලත් නෑ කියලා මේක පොලීසිය නොමඟ යවන්න කරපු වැඩක් කියලා කේස් එක යට ගැහුවා.
හැබැයි එයාලා බූසාන් වල තිබ්බ පරණ අතෑරලා දාපු ලේඛනාගාරෙක මීට අවුරුදු ගානකට කලින් තිබ්බ documents ඇදලා බැලුවානම් ඒ කාලේ ඉපදුන මින්සෝ කියන ගෑනු ලමයා ගැන දැනගන්න තිබ්බා .
බූසාන් වල දවස් තුන හතරක් තිස්සේ තිබ්බේ අමුතු කාලගුණයක්. පොඩි හුලගක්වත් තිබ්බේ නෑ . ගමේම තිබ්බේ ලොකු මූසල ගතියක්. ඊලග දවසෙ හවස් වෙන්න වෙන්න ගොඩක් තදින් හුලං අල්ලන්න ගත්තා. කවදාවත් නොතිබුණ විදිහට .
කාලෙකට පස්සෙ කුණාටුවක් එන්න අරන් . මිනිස්සුන්ට අමතක උන...හිත්වල යටපත් උන දේවල් ආය මතක් කරලා දෙන්න.... මිනිස්සුන්ගෙ හිත්වල තිබුණ බය වැඩිකරන්න ආයෙමත් කුණාටු එන්න අරන්.
සන්හීලගෙ ගම් පැත්තට පවා කුණාටු ඇවිල්ලා . සන්හී ටේ දෙන්නම library ගිහින් වැස්ස පටන් ගන්න කලින් කොහොමහරි ගෙදර ආවා. mr & mrs kim සාලෙට වෙලා වාඩිවෙලා හිටියේ . ටේයි සන්හියි දෙන්නත් එයාලා ගාවින් ඇවිල්ලා වාඩි උනා.
mr kim:- හෙට දවල් 12 වෙන්න කලින් මට පත්වීම ගන්න වෙනවා
mrs kim:- බූසාන් වලද
mr kim:- ඔව් .. මන් එහෙ කලින් වැඩ කරලත් තියනවා නෙ. බූසාන්වල තත්ත්වෙ මීටවඩා ගොඩක් නරකයි කියලා දන්නවනෙ. ඒ හින්දා මාව එහෙට්ට transfer කරලා.

YOU ARE READING
𝐆𝐇𝐎𝐒𝐓 𝐃𝐎𝐋𝐋 🩸🤝 𝐬𝐞𝐚𝐬𝐨𝐧 2....(completed )
Viễn tưởngකාලෙකට කලින් සිද්ධ උනු බිහිසුණු සිදුවීම් ඔක්කොම ආයෙත් ඒ විදිහටම වෙන්න ගනිද්දි... mr kimමොනවගේ තීරණයක් ගනීද... එයාගේ චූටි දුවව බේරගන්න... අක්කට උන දේ ආයෙත් නංගීට වෙයිද...