Teek teek , Teek teek , Teek teek .
තග් ..
"හ්ම්ම් "
කෑගහන එලාර්ම් එකත් ඕෆ් කරලා දාල මන් ආපහු ඇදේ ඉද්න් වහලෙ දිහා බලාගත්තා . හ්ම්ම් . පාන්දර හතරයි . ඇදෙන් නැගිටලා ෆෑන් එකත් ඕෆ් කරපු මන් බාතෘම් එකට ගිහින් බ්‍රශ් කරගෙන හූඩි එකකට ස්වෙට් පෑන්ට්ස් එකක් ඇදලා ඩෙක් දෙකකුත් දාන් එලියට ගියා . බ්ලූටූත් හෙඩ්සෙට් එකත් ඔන්කරන් call of silence piano version එකත් අහන ගමන් මන් කලුවරේම එක්සයිස් එකට වගේ දුවන්න ගත්තා . මුස්ලිම් ගම්මානෙ ගාවින් වෙල් යාය ඉවර වෙනකන්ම දුවපු මන් එතන බෝක්කුව උඩින් ඉදගත්තෙ පහලින් වෙල් යායට වතුර ගලාගෙන යන විදිහ බලාගෙන . වතුර ගලාගෙන යන විදිහ අතර අතරමං වෙලා හිටපු මන් ආපහු යන්න හැරුනා .
ගෙදරට එද්දි වෙලාව 5.20 . කිලෝමීටර් හතරක් දුවලා ආවම දාන දාඩියත් එක්ක උදේ සීතල තියනවා කියන්නෙ මහ එපාකරපු දෙයක් වුනත් මේක අවුරුදු ගානක් තිස්සෙ මගෙ ඩේලි රවුටින් එකේ තියන නිසා එච්චර ගානක් නෑ . ක්වික් වොශ් එකකුත් දාන් එද්දි අම්මා කෑම උයලා ඉවරයි . යුනිෆෝර්ම් එකත් ඇදන් කෑම නේසෙ උඩ තිබ්බ කිරි එක බීලා කෑම එකත් බෑග් එකට දාගත්ත මන් පාරට ගියෙ තව ටිකකින් සැරිය එන නිසා . ඉස්කෝලෙ ගේට් එකෙන් ඇතුලට හෙමීට අඩිය තිය තිය මන් ගියෙ මගෙ ක්ලාස් එක තිබ්බ බිල්ඩින් එකේ උඩ තට්ටුවට .
12 - C කියලා දොරට උඩින් බෝඩ් එකක් ගහලා තිබ්බ පන්තිය ඇතුලට යද්දිම ඉවාන් ඇවිත් මගෙ කරට අත දාගත්තා .
" ආ බොසා ගුඩ්මෝනිම් ඉතින් "
" ගුඩ්මෝනිම් "
ඉවාන්ට ග්‍රීට් කරන ගමන් මන් මගෙ බෑග්ගෙ සුපුරුදු වාසතානෙ උනු තුන්වෙනි පෝලිමේ බිත්තිය අයිනෙන් තියලා වාඩිවෙද්දි ඉවානුත් මගෙ පුටුවට එහායින් තිබ්බ උගෙ පුටුවෙන් වාඩිවුනා .
" මේ අහපන්කො , බදාද ඉදන් ආය ප්‍රැක්ටිස් පටන් ගන්නවා කියලා වෙනුර අය්ය කිව්වා . උබ එනවද "
" එන්න කිව්වනම් නොයා බෑනෙ , නෙක්ස්ට් මන්ත් කලාප මැච් නිසා අනිවාරෙන් යන්නෝන , "
මන් එහෙම කියලා බෑග්ගෙ තිබ්බ මෙන්ටෝස් එකක් අරන් කටේ දාගන්න ගමන් ඉවාන්ටත් එකක් දුන්නා .
YOU ARE READING
The Way I Still Love You | Nonfic
Non-Fiction" Desire To share My naked Confession " Ethan " I'll be Your lover and hold your hand . You should know i'll be there for you " Those green eyes