Episode 6

263 31 22
                                    

කාල බීල වටේ ඉන්න නන්ගිලාටත් පොඩි ටෝක් පාරන් දාන් ඉද්දි 4.00 ට තමා අපේ සෙමි ෆයිනල් එක පටන් ගත්තෙ . ඒකත් නයිස් සහිරා එකත් එක්ක . මේකය් මන් සහිරා එකේ උන්ට බැන්නට උන් පට්ට ටැලන්ටඩ් හැබැයි . ඉතින් ඔය දන්නවනෙ වෙන වෙන පලහිලව් හින්දා ඉස්කෝල එක්ක වැඩිය ඇය් හොදැය්යක් නෑ . 

මැච් එක ස්ටාට් කරන්න රෙෆ්ලී ග්‍රවුන්ඩ් එකට කතාකරාම අපි ලයින් එකට සෙන්ටර් ලයින් එක දිගේ ඇවිත් සහිරා එකේ උන්ට හෑන්ඩ්ශේක් කරලා ග්‍රීට් කරා . ග්‍රීට් කරා කිව්වට අපි දෙගොල්ලොම කරේ දෙගොල්ලොගෙම අත් බඩ බොකු ඇදවෙලා යන්න මිරිකගත්ත එක . ටොස් එක දාල අපිට චාන්ස් එක ආවම අපි කලේ මුලින්ම පැත්ත තෝරගත්ත එක . 4.00 කියන ටයිම් වෙද්දි හුලන් හමන පැත්තට විරුද්ද පැත්ත අපේ කැපා තෝරගනිද්දි අපිත් ඒ පැත්තට ගිහින් ලයිනප් වුනා . හුලග අනුව මේ පැත්තෙ ඉදන් ගෝල් ශූට් කරන්න ලේසි මොකද බෝලෙ හුලගට මූව් වෙනව ඉක්මනට .

සහිරා එකෙන් බෝලෙ සෙන්ටර් කරලා තිබ්බම රෙෆ්ලී විස්ල් කරා . සහිරා එකෙන් කෙලින්ම බෝලෙ පාස් නොකර උන් අතර W පාස් එකක් කරන ගමන් එක පාරට උන්ගෙ මිඩ් ෆීල්ඩර් කෙනෙක් බෝලෙ අපේ පැත්තට වේගෙන් ශූට් කරන් ඒ ආව බෝල් එක මන් චෙස්ට් එකෙන් නවත්තලා ජග්ලින් පාරක් දාල අපේ ෆෝවර්ඩ් ලයින් එකට පාස් කරා . කොහොමත් මිඩ්ෆීල්ඩර්ස්ලා කියන්නෙ කූල් ප්ලේයර්ස්ලා . අපි ප්ලේ කරන්න ඕන කූල් එකේ . ඩිෆෙන්ඩර්ස්ලත් එහෙමය්  . හැබැය් බැරිවෙලාවත් එහා පැත්තෙ අය බෝලෙත් එක්ක අපේන් ඩිෆෙන්ඩ් ලයින් එක පාස් කරලා හෝ ක්ලෝස් වුනොත් අන්න ඒ ටයිම් එකට අපි ඇග්‍රසිව් .

කූල් එකේ මැච් එකේ ෆස්ට් හාෆ් එක ඉවර වෙද්දි ගෝල් 1 - 1 අපි සම වෙලා හිටියේ . මන් කිව්වනේ සහිරා එක කියන්නෙ ටැලන්ටඩ් ටීම් එකක් . සෙකන්ඩ් හාෆ් එක මැදදි මන් එක ගෝල් එකක් ස්කෝර් කරා . ඊට පස්සෙ ඉදන් අපි සහිරා එකව පුලුවන් ටයිඩ් කරන් හිටියා ස්කෝර් කරන්න නොදී . සෙමි ෆයිනල් එකෙන් අපි 2 - 1 වින් කරා .

4.45 විතර මැච් එක ඉවරවුනාම අපිට ඊලග තිබ්බෙ ෆයිනල් එක ටිකක් දැන් කරුවලත් වැටිලා . ෆයිනල් තියන්න ඕන නිසා පැවිලියන් එකෙය් ගෝල් කෝට් දෙකපිටිපස්සෙ තියන දඩාර ගස් දෙකෙය් තඩි ලයිට් වගයක් සෙට් කරලා තිබ්බා . ඒව පත්තු කරාම ඉතින් පලාතක් එලියයි . මට ටිකක් ඩැමේජ් වෙලා හිටියා නිසා කෝච් ෆයිනල් ප්ලේ කරන්න එපා කිව්වත් මන් අමාරුවෙන් කියලා කියලා කොහොමහරි ශේප් කරගත්ත. 5 ය් කාලටවිතර අපේ ෆයිනලුත් පටන් ගත්තා . ෆර්ස්ට් හාෆ් එකේ ඉදන්ම මැච් එකේ තිබ්බෙ ෆයර්ඩ් අප් මොඩ් එකක . ටීම් දෙකම එකට එකක් දෙවෙනි නොවෙන කරට කර තරගයක්නෙ මේක . ඒත් අපේ ටීම් එකේ අය ටිකක් ටයර්ඩ් වෙලා හිටියෙ . මැචස් ගොඩක් ප්ලේ කරපු නිසා . ජෝසප් එකට තිබ්බා හොද ඩිෆෙන්ඩින් ලයින් එකක් . උන් මාර ටැලන්ටඩ් . උන්ගෙ ලාස්ට් ඩිෆෙන්ඩර් තනි ඩිෆෙන්ඩ් එක ප්ලේ කරනවා . අහ් කියන්න අමතකවුනානෙ අර කොල බලලත් ඉන්නවනෙ මේකෙ . ඔව් ඔව් ඌ තමා ඒ සුපිරි තනි ඩිෆෙන්ඩ් එක ප්ලේ කරන එකා . තරහය් තමා ඒ වුනාට දක්ශතාව අගයන්නෙපෑ ගායිස් . නැතුව වෙන මොකකටවත් නෙමේ හරිද .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now