Episode 3

305 32 14
                                    

Love u know what they said
I hear it all day
Going round rumors about u yeah
It's all in my brain
Its drives me insane
Painting this picctures of u
I might have jumped the gun defending u
Cause i don't know what is true
Don't know what it why
I've only heard rumors about u
No i don't love

Adam එහෙමම සින්දුව ඉවර කරද්දි එයා මගෙ අතින් ෆෝන් එක අරන් ඊලගට දැම්මෙ The weekend ගෙ One of Girls එක .

දැන් උබලා බලනවා ඇතිනේ කලින් මරාගත්ත උන් මොකද මේ කරන්නෙ කියලා . අර කියමනක් තියනවනෙ යාලුවො ලගින් තියාගන්න හතුරො ගොඩක් ලගින් තියාගන්න කියලා . මුගෙය් මගෙය් වයිරෙ අද ඊයෙක ඉදන් තියන එකක් නෙමේ ප්‍රයිමරි කාලෙ ඉදන්ම තියන එකක් . හැබැය් . අපි ගහගත්තට ඒකට වෙන උන් සම්බන්ධ කරගන්නෙ නෑ . උටයි මටයි හොද්ට පුලුවන් ඊයෙ ගහගෙන අද මුකුත් නොවුනා උනා වගේ ඉන්න එක . අවුරුදු ගානක් තිස්සෙ හැමදාම මෙහෙමය් . ගහගත්ත පලිය කවදාවත් අපි හැමවෙලාවෙම තරහ හිතේ තියන් පිප්පුවෙ නෑ අවශ්‍ය ටයිම් එකේ දීල ඇරියට අනිත් වෙලාවලට ඌය් මාය් යාලුවො වගේ නැතිවුනත් සාමාන්‍යෙන් අදුරන කතාබහ කරන උන් ගානට ඉන්නවා . ඒකෙ ප්‍රතිපලේ තමා තාම අරුන් දෙන්නවත් නොදන්න මගෙ ෆෝන් එකේ පාස්වර්ඩ් එක මූ දැනගෙන ඉන්න එක . පේනවා නේ අපි දෙන්නගෙ වයිරක්කාර සම්බන්ධෙ හැටි . අරුන් දෙන්නට වගේම ඉස්කෝලෙ පිනාලා දෙන්නටය් ටව්මෙ උන්ටය් අපේ මේ අච්චාරු සම්බන්ධෙ දැකලාම දැන් අපි ගහගත්තට උන් වැඩිය මුකුත් කියන්නෑ ගහගන්න ඇරලාන් පස්සෙ තියාගෙන අවවාද් කරනවා .

උබලට ඉස්සරහට තේරෙය් මේක මොන වගේ අච්චාරු සම්බන්ධයක්ද කියලා . ජන්මාන්තර වයිරක්කාරයො වගේ ගහගෙන ප්ස්සෙ එකටම ඉදගෙන ෆෝන් එකෙන් එකටම සින්දුත් අහනවා . ශැපය්නේ . ඔව් ඔව් මටත් ශැපය් . දෙකහමාරෙ බස් එක එනකන් අපි එක්ක කාලෙකකා ඉදලා බස් එක ආවම එයාපොඩ්ස් එක මගෙ කනේ ගහලා ඌ ආයෙත් හැරිලා අත් දෙකත් සාක්කුවෙ දාන් චිල් එකේ ගියා . උටනම් මොකෑ ඉතින් ටව්මෙම ගෙවල් තියනකොට ඕන තරම් රස්තියාදු ගැහුව හැකිනෙ . රිච් පීපල් පොශ් ලයිෆ් හහ් .

පැයබාගෙකින් විතර බස් එකේ ගාට ගාට ඇවිත් ගේ ඉස්සරහින් බස් එකේන් බැහැල මන් වැනි වැනි ආවෙ කාමරේට . බෑග්ගෙත් මේසෙ උඩට දාල ශූස් දෙක ගලෝපු මන් ෆෑන් එක දාන් එහෙමම ඇදට පැන්නෙ ලාවට ලාවට මහන්සියට ඇස් පියවෙද්දි . ඒත් මෙහෙම හරියට නින්දක් දාන්න බැරිනිසා වොශ් එකක් දාන් ඇවිත් ඇදට වැටුනෙ හයහමාරට ඇහැරෙන්න එලාර්ම් එකකුත් තියලා .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now