Episode 8

250 27 19
                                    


මයිලෝ එකත් බීලා අපේ ගෙදරට එනකලුත් ඊට පස්සෙ මුකුත් කතාබහක් උන්නෑ . වාහනේ අපේ වත්ත ඇතුලටම දාලා නැවැත්තුවම අම්මා ඉස්තෝප්පුවට ආවා . වාහනේ අදුන ගත්ත නිසා එයා එහෙමම දොරකඩ ලගට වෙලා බලන් ඉදියා .

මන් දොරත් ඇරන් කාර් එකෙන් එලියට බහින ටිකට එයා බැහැලා  මන් ගාවට ඇවිල්ලත් ඉවරයු . මගෙ ඉනෙන් අල්ලන් එයාගෙ කරට මගෙ අතක් දාගෙන මාව ගේ ඇතුලට එක්කන් ගිහින් කාමරේන් තියලා අම්ම එක්කත් කතාකරලා එයා ගියා . මන් දාඩියය්  ඇගේ තියන තනකොලය් යන්න හොද වොශ් එකක් තනිකකුලෙන් ඉදන් දාගෙන කාමරේට එද්දි අම්ම බත් එකකුත් එක්ක තේ එකක් තියලා තිබ්බ කාමරේ . ඒකත් කාල ඉවර වෙලා තේ එකත් බිලා ඔක්කොම කුස්සියෙන් හෝදල තියලා ෆ්‍රිජ් එකෙන් අයිස් කැට ටිකක් ලේන්සුවකට අරන් ආව මන් ඒකෙන් දනිස්ස ආයෙත් සැරයක් තවලා මස්ල් පේන් රිලීෆ් බාම් එකක් ගාලා ආය බැන්ඩේජ් කරන් ලයිටුත් ඕෆ් කරලා ඇදට ආවා . නින්ද යන්න කලිනුත් මන් කල්පනා කරේ කොල බලල් ඇස් ඇය් මට දැන් ටික ටික හොදවෙන්නෙ කියලා.ටික ටික වෙලාව යද්දි ඊතන්ගෙ ඇසුත් පියවුනෙ ඇගට දැනුන වෙහෙස නිසාමය් .


පහුවදා කොහොමත් මන් ඉස්කෝලෙ ගියෙ නෑ මෙහෙම ගිහින් බඩගාන්නයෑ . ඕශධීත් කෝල් කරලා මන් ගැන අහලා හවස්වෙලා යාලුවොත් එක්ක මෙහෙ ඇවිත් යන්න එනවා කිව්ව . මාත් පරිස්සමින් එන්න කියල තිබ්බා . Benefits of having girlfriend . තේරෙන්නෙ මෙ වගේ කාලෙට තමා . දවල් වෙලා අම්මත් එක්ක හොස්පිටල් ගිහින් කකුල පෙන්නන්න හිතන් ඉදපු මට දවල් වෙන්න තියා උදේ නවය පහුවෙද්දි ඇහුනෙ හරීම ෆැමිලියර් කටහඩක් .

" අනේ චමරී , කොහොමද කෙල්ලෙ , ගුඩ්මෝනිම් "

" අහ් මෙලින් , මොකෝ මේ පැත්තෙ ගුඩ්මෝනිම් " 

" අනේ සුද්දගෙ කකුල ඉන්ජර්ඩ් වෙලා කියලා අපේ බබා කිව්වනෙ ඊයෙ රෑ . මන් මේ උදේ වෙනකන් හිටියෙ සුද්ද්ව බලන්න එන්න , බලන්න්කො අපේ බබා මට ඊයෙ රෑ එන්න දුන්නෑබෙ නැත්තම් මන් එනවා "

" අය්යෝ ඒකට කමක්නෑ මෙලින් , රෑ එන එක අනික කරදරයිනෙ අපි තව පොඩ්ඩකින් හොස්පිට්ල් යන්න හිටියෙ "

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now