Episode 11

272 24 27
                                    

රෑ හොද ශැප නින්දක් දාලා මන් ඇහැරුනාම උදේ පාන්දර මෙලින් ආන්ටි හොයන් ගියේ මේ මලක් වගේ කොව්වගෙ මූන පෙන්නලා එයාගෙ දවසම සුභ කරන්න . ඒත් කොහෙද යද්දිම කිචන් එකේ පැන්ට්‍රිය උඩ ඉදන් මන් දැක්ක බහිරවයෙක් සැන්විච් ගිලිනවා . ඒ ව් ඒව් පොඩි පගයා අදත් ඉස්කෝලේ ගිහින් නෑ සැක් .

පොඩි පගයටත් හොදට රවපු මන් මෙලින් ඇන්ටිට ටිකිරි සිනාවක් පාල ඩයිනින් ටේබල් එකෙන් ඉදගත්ත . කෑම කාල ඉවරවෙනකනුත් මූ මන් දිහා රව රව සැන්විච් ගිල්ලෙ මාව කනව කියල හිතාගෙනද කොහෙද . කාල බීල ඉවරවෙල ඌ ඉක්මනට චුතවුනාට මන් එතනට වෙල කල්පනා කරේ කාමරේ අස්සෙ ඉන්න බැරි නිසා මොකද කරන්නෙ කියල කල්පනා කරන්න .

" සුද්ද් මොකෝ කම්මැලිද මෙහෙ "

මෙලින් නැන්ද් එයාගෙ ලැප් එක අරන් ටේබල් එකේ ඉදගන්න ගමන් ඇහුවා .

" එහෙම නෑ ඉතින් මන් බැලුවෙ කරන්න දෙයක් නිකන් ඉන්න නිසා "

"අපේ ගාඩ්න් එකේ නුග ගහක් තියනවා දකුනු පැත්තෙ සයිඩ් එකේ . එතන ඔංචිල්ලාවකුත් තියනව ලොකු කැමතිනම් ඔයා එතනට ගිහින් බලන්න . "

"ඔහ් මරුනේ මන් යන්නම් එතනට "

" okay "

ගිය මාසෙ සැලරියෙන් ගත්ත පොත් සෙට් එකෙන් දෙකක් මන් එද්දි කෝකටත් කියල දාන් ආව එකේ ඒවත් අරගෙන් මන් කොරවක්ක වගේ ගියේ නුග ගහ ගාව ඔංචිල්ලාවට . සින්දුවක් අහන ගමන් පොතක් කියවනව කියන්නෙ ආය වෙනමම එකක් . කට්ටකාල පොත්කඩවල් ගානක් ලැගල ලැගල  ana huang ගෙ king of wrath පොත් සෙට් එක හොයාගන්න මන් සෑහෙන කට්ටක් කෑව . කොහෙ ඉතින් අමුතු ඇටේට ඉන්ග්ලිශ් නවල් එනව්ත් අඩුය්නෙ හොයන්න හෙන ගේමක් දෙන්නෝන රටේ ඇතුල්පැත්තක වගේනම් . කොලබ පැත්තට ගියානම් හොයාගන්න ඇති ඉතින් ඒත් ඔහෙ කොහොම ගාටන්නද වෙල නෑනෙ .

Ana huang කියන්නෙ මගෙ ෆේවරිට් ඕතර් කෙනෙක් , ඒ දවස්වල ටික්ටොක් එකේ බුක්ටොක්  ඇක්වලින් twisted series එක ගැන දීපු  වීඩියෝ වලට පින්සිද්ද වෙන්න මන් දැන් ඉන්ග්ලිශ් නවල් වලට සෑහෙන්න ඇඩික්ට් වෙල .

පැයක් දෙකක් විතර පොතට සමවැදිල ඉදපු මට අද පොඩි චිම්පන්සියත් ගෙදර කියල මතක්වුනා . වලියක් ඇදගත්ට්ගෙ නැතිවුනාම ඉතින් කෑවෙ නෑ වගේ නිසා මන් ගියා ප්‍රේමාදර චිම්පන්සි ගොනාව හොයන් . මන් මුගෙ කාමරේට යද්දි මූ ඉන්නව කියහන්කො අදත් ලැජ්ජ නැතුව සදුනි නම්කියගෙ කාමරේට හොර ඇහැ දාන් . මුගෙනම් සිරාවටම ලැජ්ජ නහර නෑ මයෙ හිතේ .

The Way I Still Love You | Nonfic  Where stories live. Discover now